Language Switcher

Ad

Ad 01

V2025

අභයාරාමාධිපතිව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට !

නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට පත්කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්වීම ලබා දී ඇත.

අදාල පත්වීමේ ලිපිය මේ වන විට උන්වහන්සේ වෙත ලැබී ඇති බවත් වාර්තා වෙයි.

වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශේෂ කැපකිරීමක් කරන ලද උන්වහන්සේ මෑතක සිට ආණ්ඩුවට දැඩි විවේචනයන් එල්ල කරමින් සිටි අතර ජනාධිපති පවා එහිදී විවේචනයට ලක්විය.