කෘෂි ඇමති හමුවූ චීන පොහොර සමාගමේ ප්‍රධානින් මාධ්‍ය මගහරියි !

කෘෂි ඇමති හමුවූ චීන පොහොර සමාගමේ ප්‍රධානින් මාධ්‍ය මගහරියි !

චීන පොහොර ගනුදෙනවට මොක ද වෙන්නේ?

චීන තානාපතිවරයා කළ ඉල්ලීමකට අනුව උපද්‍රවකාරි ක්ෂුද්‍ර ජීවින් සහිත පොහොර ගනුදෙනුවට අදාළ පාර්ශ්ව කිහිපයක් අද (08) කෘෂිකර්ම අමාත්‍යංශයට කැඳවා තිබිණ.

චින්දාවෝ සීවින් බයෝ ටෙක් සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන තාක්ෂණික නිලධාරිනිය වන ඇනා සොන්ග් මහත්මිය ද මේ සාකච්ඡාවට සහභාගිවී සිටියා ය.

ඇය මාධ්‍ය වෙත අදහස් පළ කිරීමට උත්සාහ කළත් තානාපති කාර්යාලයේ නිලධාරීහු ඊට අවස්ථාව ලබා නොදුන්හ.

රජයේ පොහොර සමාගම්වල සභාපතිවරු කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීහු ද අද සාකච්ඡාවට සහභාගිවී සිටියහ.

සාකච්ඡාව අවසානයේ චීන තානාපති කාර්යාලයේ සහ චීන සමාගමේ නියෝජිතවරු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කරමින් පිටව ගියහ.

චීන පොහොර නැව දැන් කෝ ?

කළුතර ආශ්‍රිත මුහුදු තීරයේ ශ්‍රී ලංකා අධිකරණ බල සීමාව ලෙස සැලකෙන නාවික සැතපුම් 12 සීමාවෙන් එපිට චීන පොහොර නැව මේ වනවිට රැඳී සිටී.

ඊයේ කොළඹ වරායට පිටතින් නැව දිස්වූ අතර අප කළ විමසීම්වලදී අනාවරණය වූයේ නැවට අවශ්‍ය ජලය කොළඹ වරායෙන් ලබාගෙන එය පිටත්වී ඇති බවයි.

තමන් ගැඹුරු මුහුදට යන බව ඔවුන් කොළඹ වරයාට දැනුම්දී තිබේ.

-News 1st

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න