''මගේ බිරිඳ නීතිඥවරියක් (ඇයගේ සේවා දායක ගැටලුවක් නිසා නම් සඳහන් කළ නොහැකි ය.) ඇගේ මාසික ආදායම ලක්ෂ හත ඉක්මවයි.
ඇය මෑතක දී මිළදී ගත් මෝටර් රථය කෝටි තුන හමාරකි. ඇය ඉතා ත්‍යාග්‍යශීලීය; කාරුණිකය. ඇගේ වයෝවෘද්ධ මෑණියන් බලා කියා ගැනීමට (ඇගේ හිතවත් යෙහෙළියක් මාර්ගයෙන්) වතුකරයේ ජීවත් වූ විවාහක දුප්පත් ද්‍රවිඩ කාන්තාවක් කැඳවාගෙන ආවා. කාලයාගේ ඇවෑමෙන් මා ඈ සමග ලිංගිකව අනියම් ඇසුරක් පැවැවූවා. හැකි හැම මොහොතකම. ඒත් පොල්ටික කඩන්න, වත්තේ වැඩට ගෙදරට නිතරම ආපු ගියපු රාජා එක්ක මගේ නෝනා ඇයි අනියම් ඇසුරක් ප්‍රාර්ථනා නොකළේ ? එහෙම ඇයට වුවමනාවක් තිබුණ නම් එය කරන්න තිබුණා.''
වාජිකරණ කවුරු වෙනුවෙන් ද...?

කොහොමත් බිසෝවරු (බහුතරය) දොරටුපාලකයා, පුරෝහිතයෙක් නැතිනම් උයන්පල්ලෙක් ඇසුර ප්‍රාර්ථනා කරේ නෑ . නමුත් රජවරු අන්තඃපුර බිසෝවරු සතුටු කිරීමට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කෙම් ක්‍රම සහ විශේෂයෙන් ඖෂධ වර්ග රහස් වට්ටෝරු ක්‍රම භාවිතාකළ බව නොරහසකි. බිසෝවරු රජතුමාව තෘප්තිමත් කිරීම උදෙසා භාවිත කළ කිසිදු ඖෂධයක් හෝ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමක් පිළිබඳ ජනප්‍රවාද හෝ පුරාවෘත්ත ගැන තොරතුරු කිසිවක් නොමැති තරම් ය. වර්තමානයේ ඉතා මිල අධික වාජීකරණ තෙල් බෙහෙත් බොහෝ පුරුෂ පාර්ශ්වය රහසේ භාවිත කරයි. ඒ අන් කිසිවක් සඳහා නොව ස්ත්‍රිය සතුටු කිරීම උදෙසා ය. එනයින් බලන කල ඇයට ඒ කාමාස්වාදය ස්වභාදහමට සමීප ය. නමුත් සත්ව ලෝකයේ ගැහැනු සතුන් කිසිදු අයුරකින් සුරාන්තය නොදනී, පිරිමි සතා තම සහකාරිය ගේ තෘප්තිය හෙවත් වගකීම නොසලකා හරියි, එය සමලිංගික ඇසුරකට සමාන ය.
නිම්නය සහ ගිරි ශිඛරය
කාමය හෝ රාගය ස්ත්‍රියට සහ පුරුෂයාට දෙයාකාරය. සුරාන්තය හෙවත් එහි රසයේ කෙළවර ස්පර්ශ වූ ක්ෂණයෙන් රසය, තෘප්තිය සහ සතුට විනාශ වේ. පුරුෂයා ස්ත්‍රිය සමග කාමයේ වෙළී සිටිනා මොහොතක ඔවුන් සතුටු කිරීමට මේ විශ්වයේ වෙනත් ද්‍රව්‍යයක්, වස්තුවක් හෝ පුද්ගලයෙක් සමත් නොවෙයි. රමණයේ සෝකාන්තය සුරාන්තය වන්නේ එබැවිනි, එහි ආරම්භය සහ අවසන අතරතුර කාලය තුල පමණි රමණයේ මිහිර, තෘප්තිය, හෝ සතුට පවතිනුයේ. පුරුෂයා එහි ක්‍රියාකරවන්නා ය; ස්ත්‍රිය එහි විඳින්නිය හෙවත් හිමිකාරිය වන්නී ය.
ඕෂෝ ප්‍රකාශ කරන පරිදි සංසර්ගයේ යෙදී සිටින අවස්ථාව නිම්නය ලෙසත්, සුරාන්තය ගිරි ශිඛර ලෙසත් සහ ශිඛරයට නොයා නුඹලා නිම්නයේ ම පවතින්න, යනුවෙන් ප්‍රකාශ කරනවා. අනෙකා සතුටු කිරීම කෙසේ වෙතත් පෞද්ගලිකව තමන් සතුටු වීම යථාර්ථය යි. නමුත් තමන් උපරිමයෙන් තෘප්තිමත්ව සතුට විඳ ගන්නේ නම් ඒ හැගීම අනෙකා වෙත සම්ප්‍රේෂණය වේ.

අවකාශයට වඩා බරින් වැඩි සිතුවිලි
පුරුෂයා ට අවයව සකස් නොවුවහොත් එම ක්‍රියාව ආරම්භ කිරීමට නොහැකි ය. කාන්තාවකට එසේ නොමැත. මෙලෙස සිතන්න... සයනයේ වම් පස ඔබේ බිරිඳත් අනෙක් පස අනියම් පෙම්වතියත් සිටී. ඔබේ ලිංගේන්ද්‍රයේ ප්‍රාණවත් වේ. ඔබ දකුණු පසින් සංසර්ගයේ යෙදුණහොත් අකුසලයක් වෙයි, වම් පසට හැරුණොත් එය කුසලයක් ද? මෙහි දී කුසලය හෝ අකුසලයේ රඳා පැවතුණේ ඔබේ හිතේ හටගන්නා කාම රාග සිතුවිල්ලයි.
ආදරය යනුවෙන් අර්ථ ගන්වා ඇති හැඟුම් සමුදාය නිවැරදිව ඔබට ස්පර්ශ වුවහොත් එය බාහිර ලෝකයේ නොමැත්තක් බවත් ඔබේ චිත්ත සන්තානය තුළ ම හටගන්නා එක්තරා ශක්ති විශේෂයක් බවත් ඔබට වැටහේවි, එතැන් පටන් ඔබට ආදරය ලෙස නාම කරන සිතුවිල්ල ඔබට අවශ්‍ය නොවේ. එය තමා ගේ හිත සුවපත් සුවපත් කරනා වසු පැටියෙකුගේ සිනිදු ලෝමයක් වැනිය. අවකාශයට වඩා සිතුවිලි බරින් වැඩි බව බුදුන්වහන්සේ දේශනා කළ සේක.

Dewaka pahalawattha

