ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර දිවි සැරිය නිම කරයි

ප්‍රවීණ මාධ්‍යවේදී සජීව විජේවීර ඊයේ (07) දහවල් අභාවප්‍රාප්ත වුණි.

අභාවප්‍රාප්ත වන විට හෙතෙම 51 වන වියේ පසු විය.ඔහු කාලයක සිට වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඇත.

අභාවප්‍රාප්ත වී ඇත්තේ  ද එම ‌රෝගයට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ය."පරිසරයට විනාඩියක්" වැඩසටහන තුළින් ජනප්‍රියත්වයට පත් වූ ඔහු එකල සේවයේ නියුතුව සිටියේ සිරස TV ආයතනයේ ය. පසු කලක දී ඔහු එම ආයතනයේ  විධායක වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙස කටයුතු කළේ ය.

මාධ්‍යවේදියෙකු සේම ප්‍රවීණ ඡායාරුප ශිල්පියෙක් ද වූ හෙතෙම අනතුරුව පුවත්පත් කලාවට පසුගිය කාලයේ ලංකාදීප පුවත්පත සමග කටයුතු කළේ ය.

මේ වනවිට ඔහු ගේ දේහය ගාල්ල වක්වැල්ලේ ඔහු ගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (08) පස්වරු 6ට ගාල්ල දඩල්ල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත ය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න