තනතුරු දී මගේ කට වහන්න බෑ..- කොළඹ සරසවි කුලපති හිමි

තනතුරු දී මගේ කට වහන්න බෑ..- කොළඹ සරසවි කුලපති හිමි

තමන් සැමවිටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් තනතුරු දී තමන්ගේ කට වැසීමට නොහැකි බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර සිටින පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මුදල් ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ අයවැය අසාර්ථක පතෝල අයවැයක් බවත් ජනතාවට ඉන් ලැබුනු දෙයක් නැති බවත්ය.

"අයවැයෙන් වැඩි කරන්නවත් අඩු කරන්නවත් දෙයක් තිබුණෙ නෑ. එදාවේල හොයාගෙන කන ජනතාවට මොකක්ද ලැබුණ සහනය ? කොටින්ම කියනවා නම් පතෝල අයවැයක් බවට තමයි මේක පත්වෙලා තියෙන්නෙ. මේ මන්ත්‍රීවරුන්ට ගම සමග පිළිසඳර කතා කරන්න යන්න අවස්ථාවක් ලැබෙයිද, ජනතාව මොවුන්ට ගහලා එළවයිද කියන එක තමයි අපට තියෙන සැකය"

මාධ්‍ය හමුවක් පවත්වමින් ආනන්ද හිමියෝ කියා සිටියේ අයවැය ඉදිරිපත් කිරීමට පෙර සීනි කැටය සිට සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දමා තිබූ බවයි.

එමෙන්ම ජනතාවට භාණ්ඩ ලබාගැනීමට පෝලිමේ සිටින්නට සිදු වූ බව ද උන්වහන්සේ සිහිපත් කළහ.

වත්මන් පාලනය යටතේ නැවතත් සිරිමාවෝ යුගයේ තිබුණු පෝලිම් යුගයට රට ගෙන ගොස් ඇති බවද එහිමියන් කියා සිටියහ.

ජනතාවට වසර දෙකක් යාමට පෙර ආණ්ඩුව එපා වී ඇති බවත් මෙහෙම ගියොත් ජනතාව ආණ්ඩුවේ අයට ගමට එන්න නොදී ගහලා පන්නනු ඇති බවත් උන්වහන්සේ තව දුරටත් කියා සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න