ජල පහරකට හසුවූ පුද්ගලයෙකු හමුදාව විසින් බේරා ගැනේ

ජල පහරකට හසුවූ පුද්ගලයෙකු හමුදාව විසින් බේරා ගැනේ

අයහපත් කාලගුණය නොතකා කොත්මලේ ඔය ආශ්‍රිතව මසුන් මරමින් සිටියදී ජල පහරකට හසුව සිරවී සිටි පුද්ගලයකු හමුදාව විසින් අද (14) දහවල් බේරාගත් බව යුද හමුදාව පවසයි.

මෙම පුද්ගලයා අද දහවල් මසුන් මරමින් සිටයදී ජල පහර හසුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ලැබුණ තොරතුරක් මත 581 වැනි බලසේනාවට අයත් 5 වැනි විජයභාහු පාබල රෙජිමේන්තුවේ බට කණ්ඩායමක් විසින් කඹ උපයෝගි කරගෙන මහත් පරීශ්‍රමයක් යොදා එගොඩට පිහිනා ගොස් අනතුරට ලක්ව සිටි පුද්ගලයා ආරක්ෂිතව ගොඩබිම වෙත රැගෙන ආ බවද හමුදාව පවසයි.

5 වන විජයභාහු පාබල රෙජිමෙන්තුවෙහි සෙබලුන් විසින් බෙරාගෙන ගෙඩබිමට ආරක්ෂාකාරිව රැගෙන එනු ලැබු අතර එම අවස්ථාවෙදි ලබාගන්නා ලද විඩියෝ දර්ශන පහත දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න