ඉරාන උත්තරීතර නායකයා ගේ අභාවය වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝකය පළ කරයි

ඉරාන උත්තරීතර නායකයා ගේ අභාවය වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝකය පළ කරයි

ඉරාන ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙන්නි ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (05) පෙරවරුවේ කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය වෙත පැමිණියේය.

ඉරාන නායකයා ගේ අභාවය සම්බන්ධයෙන් මහජනතාවට ශෝකය පළ කිරීම සඳහා කොළඹ ඉරාන තානාපති කාර්යාලය විසින් විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

ඒ අනුව, අද පෙරවරුවේ තානාපති කාර්යාලය වෙත ගිය හිටපු ජනාධිපතිවරයා එහි තබා තිබූ ශෝක ප්‍රකාශ සටහන් පොතේ සමරු සටහනක් තබමින් සිය කනගාටුව පළ කළේ ය.

අනතුරුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි සිටි තානාපති කාර්යාල නිලධාරීන් හමුවී ඉරාන රජය සහ එරට ජනතාව වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කළේ ය.

 

ranil3

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න