Language Switcher

Ad

Ad 01

V2025

හිටපු අමාත්‍ය සිරිසේන කුරේ අභාවප්‍රාප්ත වෙයි

එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරයෙකු වූ බී. සිරිසේන කුරේ අද අභාවප්‍රාප්ත විය.

ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

එක්සත් ජාතික පක්ෂයෙන් 1989 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත් වන සිරිසේන කුරේ  නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු ද වෙයි.

බී . සිරිසේන කුරේ  1979 සිට 1989 දක්වා කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළේ ය.