රට කොවිඩ් වසංගතයේ දරුණු අවදානම් තත්වයක - PHI සංගමය

රට කොවිඩ් වසංගතයේ දරුණු අවදානම් තත්වයක - PHI සංගමය

රට කොවිඩ් වසංගතයේ දරුණු අවදානම් තත්වයක තිබියදී නිරෝධායන නීති තවදුරටත් ලිහිල් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ  අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව කිසියම් අයෙකුගේ බලපෑමකට අනුව ගත් තීරණයක්දැයි බරපතල සැකයක් ඇති බවයි.

නිරෝධායන නීති ලිහිල් කිරීම සහ උත්සව සමයේ මහජනතාවගේ වගකීම් විරහිත හැසිරීම් රටාව හේතුවෙන් ඉතා නුදුරේදීම මෙරට තුළ තවදුරටත් කොවිඩ් වසංගතය දරුණු තත්වයකට පත්වනු ඇති බවටද ඒ මහතා සදහන් කළේය.

“මේ තත්ත්වය යටතේ මහජනතාව උත්සව සමය සමරලා අවසන් වු වහාම රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙන්න පටන් ගනී. මේ වෙද්දිත් ජනමාධ්‍ය හා නිල වශයෙන් වාර්තා කරන සංඛ්‍යා ලේඛනවලට වැඩිය විශාල රෝගීන් සංඛ්‍යාවක් බිම් මට්ටමින් වාර්තා වෙනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න