ආණ්ඩුව විවේචනය කරන ඇමතිලා දොට්ට !

ආණ්ඩුව විවේචනය කරන ඇමතිලා දොට්ට !

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇතැයි වාර්තා වන බව දැඩි ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් වන සීනිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

අදාළ පුවත වැඩිදුරටත් මෙසේද සඳහන් කරයි.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් දැරූ සුසිල් ප්‍රේමජයන්ත එම ධුරයෙන් ඉවත් කරමින් ජනාධිපතිවරයා සිදුකළේ ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන මැති ඇමතිවරුන්ට අනතුරු ඇඟවීම බවයි.

ආණ්ඩුවේ විවේචනය කරමින් විපක්ෂයේ කාර්යභාරය කිරීමට මැති ඇමතිවරුන්ට ඉඩ දිය නොහැකි බව ජනාධිපතිවරයා ඉකුත් කැබිනට් මණ්ඩලයේ දී ප්‍රකාශ කර ඇත.

එවන් තත්ත්වයක් මත ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කළ හොත් ඔවුන්ගේ තනතුරු ද ඉදිරියේ දී අහිමි වනු ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න