කාන්තා පිළිකා රෝගීන්ට ඉන්නේ වෛද්‍යවරුන් පහයි

කාන්තා පිළිකා රෝගීන්ට ඉන්නේ වෛද්‍යවරුන් පහයි

මෙරට කාන්තාවන් මිලියන එකොළහක් සිටින නමුත් කාන්තා පිළිකා රෝග සම්බන්ධව ප්‍රතිකාර කිරීමට සිටින්නේ වෛද්‍යවරුන් පස් දෙනෙකු පමණක් බව මහරගම අපේක්ෂා රෝහලේ සහ කරාපිටිය ජර්මන් මිත්‍රත්ව රෝහලේ කාන්තා පිළිකා ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය කැළුම් ජයසිංහ පැවසීය.

මෙම පුරප්පාඩුව පවතින්නේ දිනකට කාන්තා පියයුරු පිළිකා රෝගීන් 15ක් ද වසරකට ගැබ්ගෙල පිළිකා රෝගීන් 1,400ක් ද හඳුනා ගන්නා පසුබිමක යැයි සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා පවසයි.

ලංකාවේ කාන්තා ජනගහනයෙන් 11.2%ක් වයස අවුරුදු හැත්තෑ පහට පෙර පිළිකා රෝගයකට ගොදුරු වීමේ අවදානමක් පවතින බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසරකට  ගැබ්ගෙල පිළිකාවට ගොදුරු වන  කාන්තාවන් 1,400න් 780ක් පමණ මිය යන බව ද වාර්තා වේ.

ලංකාවේ කාන්තාවන් නව දෙනෙකුගෙන් එක් අයෙකු පියයුරු පිළිකා රෝගයට ගොදුරු වීමේ අවදානමක් පවතින අතර තුන් දෙනෙක් පමණ මියයති.

මෙසේ තිබියදී කාන්තා පිළිකා රෝග සඳහා ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් ගණන සීමා සහිත වීම බරපතළ යැයි පිළිකා ශල්‍ය රෝග විශේෂඥ වෛද්‍ය කැළුම් ජයසිංහ වැඩිදුරට ත් පැවසීය.

 

|mawbima

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න