සමාගම්වලින් වැඩි මිලට පොහොර : දැන් වකුගඩු ආරක්ෂිතද ? තිසාහාමි

සමාගම්වලින් වැඩි මිලට පොහොර : දැන් වකුගඩු ආරක්ෂිතද ? තිසාහාමි

මිනිස්සු ලෙඩ වෙනවා කියලා ආන්ඩුවෙන් බෙහෙත් පොහොර ගේන එක නැවැත්තුවා. අද වෙන කොට රට පුරා සමාගම් වලින් විශාල මුදල් අය කරමින් ගොවි ජනතාවට පොහොර අළවි කරනවා. ආන්ඩුවෙන් පොහොර දෙන කොට විතරද මිනිසුන්ගේ වකුගඩු නරක් වෙන්නේ, සමාගම් වලින් දෙනකොට වකුගඩු අමාරු ඇති වෙන්නේ නැද්ද? ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් ඊයේ (11දා) දඹාන කොටබකිණිය ගම්මානයේදී පැවසීය.

වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වන්නිලා ඇත්තන්, කාබනික පොහොර වගා සංකල්පය රටේ ආම්භ කරන්න ඉක්මන් උනා වැඩියි කියලයි මම හිතන්නේ. ජනාධිපතිතුමාගේ සංකල්පය අත්‍යවශ්‍ය එකක්.හැබැයි මේ වගේ හදිසියෙන් ක්‍රියාත්මක කළ යුතු එකක් නෙවෙයි කියලයි මම හිතන්නේ. අවරුදු 30-40ක් කෘමිනාශක දාලා පසේ සාරවත් භාවය, ජීවි බව විනාශ කරලා තියෙන්නේ. ඒ නිසා වගාවට ඉතාමත් සුදුසු තත්වයට කාබනික පොහොර යොදලා ඉක්මනින් පත්කර ගත හැකි තත්වයක දැන් මේ රටේ මහපොළව නෑ. ක්‍රම ක්‍රමයෙන් කෘමිනාශක නතර කරන්නයි තිබුනේ. ක්‍රමානුකූලවයි රට ඒ තැනට ගෙනියන්න තිබුනේ. දැන් වෙනකොට ගොවියා කබලෙන් ලිපට ඇද දාලා,පරිසරය ආරක්ෂා කර ගන්න ඕන අනිවාර්යෙන්ම. හැබයි ඒ සදහා ක්‍රමාණුකූල වැඩ පිළිවෙලක් සැලසුමකට අනුව ක්‍රියාත්මක කරන්න ඕන.රටේ දේශපාලකයන්ගේ බොරු බේගල් කථාවලට හැමදාම ඡන්ද දායකයෝ රැවටෙනවා.රටේ විවිධ ප්‍රදේශ වලින් දිනපතා පිරිස් මාව හම්බවෙන්න එනවා. ඒ අයත් කියන්නේ මේපාර ගොවිතැන් අසාර්ථකයි කියලා. ඒ විතරක් නෙවෙයි මගේ මේ ප්‍රදේශයෙත් ගොඩක් ගොවිතැන් අසාර්ථක වෙලා මට පේන්න තියෙනවා යැයි ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පවසා සිටියේය.

mawrata

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න