බද්ද කිලෝවට ශත 25 යි : ඕන කෙනෙක් හාල් ආනයනය කරන්න - බන්දුල

බද්ද කිලෝවට ශත 25 යි : ඕන කෙනෙක් හාල් ආනයනය කරන්න - බන්දුල

වෙළෙඳ පොළේ සහල් මිල පාලනය සඳහා ඕනෑම අයකුට පිටරටින් සහල් ආනයනය කිරීමට අවසර දී ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

සහල් කිලෝවකට සත 25 ක බද්දක් ගෙවා ඕනෑම අයෙකුට සහල් ආනයනය කළ හැකි බවද බවද ඔහු සඳහන් කළේය.

සතොස සහ රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව හරහාද සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනය කිරීමට කටයුතු කරගෙන යන බව කී ඇමතිවරයා වෙළෙඳපොළේ ආනයනික සහල් මිල රුපියල් එකසිය පහට වඩා වැඩි වීමට ඉඩ නොදෙන බවද සඳහන් කළේය.

මේ අතර ආනයනය කරන ලද සහල් අඩංගු කන්ටේනර් පන්සීයක් වරායේ තිබෙන බවද ඔහු කීවේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න