විදුලි පරිභෝජනය අඩු කිරීමේ යෝජනාවලියක් මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ඒ අනුව වීථි පහන් නිවා දැමීමට යෝජනා කරන බවත් විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ පවසයි.
ඇමතිවරයා වැඩිදුරටත් පවසන්නේ ඒ අනුව මාර්ගවල ඇති විදුලි පහන් නිවාදැමීම හා කාර්යාලවල විදුලි උපකරණ නිවා දැමීම ඇතුළු යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බවය.
වැඩිදුරටත් අදහස් දක්වන ඇමතිවරයා…
“පළාත් සභාවල වීදී ලාම්පු සැලැස්මකට දාලා නැහැ. එකින් එක විසන්ධි කරන්න වෙනවා. සැලැස්මකට දාපුවා.. හයිවේවල, ප්‍රධාන පාරවල්වල ඒවා අපිට පාලනයක් කරන්න පුළුවන්. ඒවා ගැන යෝජනාවක් කරන්න අපි බලාපොරොත්තුවෙනවා ඉදිරි කැබිනට් මණ්ඩලයේදී.”
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
