ඔමික්‍රොන් ප්‍රභේදය සීග්‍ර ව්‍යාප්තියක !

 ඔමික්‍රොන් ප්‍රභේදය සීග්‍ර ව්‍යාප්තියක !

ශ්‍රී ලංකාව තුළ දැනට වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් ඔමික්‍රොන් ප්‍රභේදය 95%ක ප්‍රමාණයකට පැතිර ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

විද්‍යුත් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මේ බව සඳහන් කර ඇත.

එහිදී ඔහු පවසා සිටියේ, ලංකාව තුළ ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිර යෑමට මාස දෙකකට වැඩි කාලයක් ගතව ඇති බවය.

"ශ්‍රී ලංකාවේ ප්‍රථම රෝගියා වාර්තා වෙලා, දැනට මාස දෙකකට ආසන්න කාලයක් ගතවෙලා තියෙනවා. දැන් තමයි දත්තයන්වලින් අපිට පේන්නේ ලංකාවේත් ඔමික්‍රෝන් ප්‍රභේදය 95%කට එහායින් පැතිරිලා කියලා. මේකෙන් කියවෙන්නේ යම් අවස්ථාවක gene sequence ටෙස්ට් කරන සාම්පල සංඛාවෙන් සියයට 95කට එහා ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාවෙන් දැන් වාර්තා වෙනවා."

ප්‍රශ්නය - ශ්‍රී ජයවර්ධනපුර විතරයි මේක වාර්තාවක් ලෙස එළිදැක්වුයේ. එතැනින් එහාට අපිට කියන්න පුළුවන් ද ඔවුන්ගේ වාර්තා පමණක් පදනම් කරගෙන ලංකාවේම ප්‍රබලම ප්‍රභේදය වෙලා තියෙන්නේ ඔමික්‍රෝන් කියලා.

"ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තමා දිගටම ඒ කටයුතු කළේ. මෑතක ඉඳලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙනුත් ඒ වාර්තාව ලැබෙනවා. gene sequence ඔවුන් දැන් අවස්ථා 4කදී වාර්තා ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන්ගේ ඊයේ MRI රිපෝට් එකක් අවුට් වුණා. ඒකෙනුත් කියවෙන්නේ, 96%කට වැඩිය ඔමික්‍රෝන් ප්‍රභේදය තමා. මම හිතන්නේ ජයවර්ධනපුර හා MRI ලැබ් එකෙන් එකම විදියේ දත්ත තමා තියෙන්නේ. ලංකාවේ රෝගීන්ගෙන් පැතිරෙන වෛරසයෙන් 95%කට එහා ප්‍රමාණය දැනට වාර්තා වෙන්නේ ඔමික්‍රෝන් කියලා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න