එක්නැලිගොඩට යුක්තිය පතා බිරිඳ කාලි කෝවිලේ විදරම් පූජාවේ ! (Video )

එක්නැලිගොඩට යුක්තිය පතා බිරිඳ කාලි කෝවිලේ විදරම් පූජාවේ ! (Video )

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී වසර 12ක් ගතවී ගියත් ඔහු සම්බන්ධයෙන් යුක්තිය ඉටුනොවීම හේතුවෙන් ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ අද (25) මෝදර කාලි‍ අම්මාන් කෝවිලේදී හිස බූ ගා විරදම් පූජාව කර තිබේ.

පූජාව අවසානයේදී ඇය , සිය සැමියා වන ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදන් කළ බව කියන වගකිවයුත්තන්ට දඬුවම් ඉල්ලා නාග සන්දේශය කියවා දෙවියන්ට කන්නලව් කළාය.

සිය සැමියා අතුරුදහන්වීම සම්බන්ධයෙන් පසුගිය සමයේ නඩුකරයක් පවතින නමුත් ආණ්ඩු වෙනසත් සමග ඒ පිළිබඳව විශ්වාසය නැති වෙමින් ඇති බැවින් තමන් මේ කටයුතු සඳහා යොමුවූ බවත් ඇය එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න