මෙරට සිවිල් යුද්ධය අවස්ථාවේ ලංකා රජය උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත්බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගියදා දිවයින පුවත්පත වෙත සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තරව ද දැඩි අවධානයක් යොමුව ඇත.
මේ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය පවා ප්‍රචාරයක් ලබාදුන් අතර එය ලංකාවේ කීර්ති නාමයට මැකිය නොහැකි කැලලක් බව දේශපාලන විචාරකයන් පවසයි.
යුද්ධය දිනවූ හමුදාපති බැසිල්ගේ ප්‍රකාශය ප්‍රතිකේෂ්ප කරයි !
කෙසේ වුවත් යුද සමයේදී කළු සල්ලි යොදවා උතුරු කොරියාවෙන් ආයුධ මිලදී ගත් බවට මුදල් අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රතිකේෂ්ප කරයි.
ඔහු පවසන්නේ ප‍්‍රධාන වශයෙන්ම එකල ලංකාවට අවශ්‍ය ආයුධ මිලදී ගත්තේ චීනයෙන් බවයි.
එමෙන්ම චෙකෝස්ලෝවැකියාවෙන් සහ පාකිස්තානයෙන්ද ලංකාවට අවශ්‍ය ආයුධ මිලදී ගත් බවද හෙතෙම සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
