ජාතික නිදහස් දිනය කළු දිනයක් ලෙස හදුන්වමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අද (04) මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් හි විරෝධතාවක නිරත වූහ.
ශ්‍රී ලංකිකයින් නිදහස් දිනය සමරන මොහොත උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට අඳුරු දිනයක් බවත් පවසමින් අතුරුදහන්වූවන් විරෝධතාවයේ නිරතවිය.
යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාගැනීම සඳහා ආණ්ඩුව විසින් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ග ගෙන නොමැති බවත් කොමිෂන්සභා පත්කිරීමෙන් ගැටළුව මගහැරීම ක්‍රියාකරන බවත් පැවසීය.
විරෝධතාවයේ නිරත අතුරුදහන්වූවන් වෙල්ලමුල්ලිවයික්කාල් හි යුද්ධයෙන් මියගියවූවන් සිහිකිරීම සඳහා ඉදිකළ සමරුවට පහන් දල්වමින් විරෝධතාවය ආරම්භ කළ අතර විරෝධතාකරුවන් පා ගමනින් මුලතිව් නගරයට පැමිණ සිටියහ.
ජාත්‍යන්තර පරීක්ෂණයකට අවසර ලබාදෙමින් අතුරුදහන්වූ පුද්ගලයින්ට සිදුවූයේ කුමක්ද කියා සොයාබැලීමට ඉඩ ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියහ.

-lankadeepa
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
