විසඳුම් ප්‍රමාද කරන්නේ නම් අත්‍යාවශ්‍ය සේවාවලින්ද ඉවත් වෙනවා - සෞඛ්‍ය වෘත්තීයවේදීන්

විසඳුම් ප්‍රමාද කරන්නේ නම් අත්‍යාවශ්‍ය සේවාවලින්ද ඉවත් වෙනවා - සෞඛ්‍ය වෘත්තීයවේදීන්

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවයට අයත් ශ්‍රේණි කිහිපයක සේවකයන් අද පෙරවරුවේ සිට වර්ජනයක නිරත විය.

අත්‍යවශ්‍ය සේවා සහිත රෝහල් 10 ක හැර සෙසු රෝහල් සියල්ල තුළම මෙම වර්ජනය ක්‍රියාත්මක විය.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, හෘද්‍ර පෙනහළු නිවේශක නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරීන්,ඖෂධ සංයෝජක නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් කණ්ඩායම් 16ක, සියලු වෘත්තීයවේදීන් මෙම වර්ජනයට සහභාගී වේ.=

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්  අද පෙරවරුවේ මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි.

විසඳුම් ලබාදීම බළධාරීන් ප්‍රමාද කරන්නේ නම් අත්‍යවශ්‍ය සේවාවලින් ඉවත්වීමටද සෞඛ්‍ය සේවකයන් තීරණය කර ඇති බව ඔහු පවසයි.

බළධාරීන්ට සතියක පමණ කාලයක් ලබාදෙන බවත්, එම කාලසීමාව තුළ ගැටලු විසඳීමට කටයුතු නොකළහොත් මාතෘ රෝහල්, පිළිකා රෝහල්, කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර ඇතුළු අත්‍යවශ්‍ය සේවාද අඩපන වනු ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න