Language Switcher

V2025

මංගලගේ මාතර නිවසේදී : ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත උතුර දකුණ යාකරයි !

1979 අංක 48දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ( විශේෂ විදිවිධාන පනත) දශක ගණනාවක් මුලුල්ලේ අහෝසි කරන බවට ව්‍යාජ පොරොන්දු දෙමින් එය හුදෙක් ආණ්ඩු විරෝධීන් දඩයම් කරන ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල කළ පනතක් ලෙස අතීතයට වඩා වර්ථමානයේ සාහසික මුහුණුවරක් ගෙන ඇත.

උතුරෙන් දකුණට එන ගමනට මතක මංගලත් එක්වෙයි…!

පාර්ලිමේන්තු මංත්‍රී සුමන්තිරන්, ශානික්‍යන් රාසමානික්කම් විසින් අත්සන් කිරීමේ පෙත්සම රැගෙන ගාල්ලේ සිට මාතර දක්වා පැමිණි අතර, ඔවුන් දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීරයන්ගේ නිවසේ සූදානම් කළ තේ පැන් සංග්‍රයට මුලින්ම සහභාගීවූයේ සමරවීරයන්ගේ සහෝදරිය වූ ජයන්ති සමරවීර හා පවුලේ හිතවතුන් කීපදෙනෙක් සමගින්…

විශේෂයෙන්ම මංගල සමරවීරයන්ගේ හදිසි අභාවය නිසාවෙන් ඔහු වෙනුවෙන් විශේෂ අවසන් ගෞරවය පවුලේ හිතවතුන් සමග බෙදාගැනීම ප්‍රධනව, හිටපු අමාත්‍ය මංගල සමාවීරයන් විසින් නිරන්තරයෙන් සිදුකළ PTA පනත අහෝසිකිරීමෙහිලා කල අවංක කැපවීමට විශේෂ ගෞරවයක් ලෙස එතුමාගේ නිවසේදී සවස 3.30 සිට සවස 4.00දක්වා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට විරුද්ධව අත්සන් තැබීම ඇරඹුණි..

ආණ්ඩු විරෝධීන් දඩයම් පණත හකුළවන සටනට දකුණෙන් දැවැන්ත සහායක්…!

ඊයේ ( 17 ) දින සවස 4.00 සිට 5.00 දක්වා කාළය තුළ මාතර උයන්වත්ත ක්‍රීඩාංගනය ඉදිරිපිට පැවති ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසිකරන ලෙස ඉල්ලා සංවිධානය කළ අත්සන් ලභාගැනීමේ ක්‍රියාවලිය අතිසාර්ථක කරමින් දැවැන්ත ජන සහභාගීත්වයක් දක්නට ලැබුණි….

එහිදී විශේෂයෙන්ම පාර්ලිමේන්තු මංත්‍රී ශානික්‍යන් රාසමානික්කම් හා සුමන්තිරන් විසින් පනත අවභාවිතා කරමින් සිදුකරන සිරගත කිරීම් පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ අතර එක්සත් සමජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජජයසූරිය සහෝදරයාද එම අවස්තාවට සහභාගී වීම විශේෂත්වයක් වූ අතර ඉතා උද්වේගකරව වත්මන් ආණ්ඩුව PTA පනත භාවිතා කරමින් ආණ්ඩුවට යම් තර්ජනයක්වන පුද්ගලයන් හා ජනමාධ්‍යවේදින් මර්ධනය කිරීම ගැන දැඩි විවේචනයත් විරෝධයත් පළ කලහ…

එමෙන්ම විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මංත්‍රී එරාන් වවික්‍රමරත්න අදහස් දැක්වූ අතර අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, බුද්ධික පතිරණ, චතුර ගලප්පත්ති, රෙහාන් ජයවික්‍රම ඇතුලු පිරිසක් හා සිවිල් ක්‍රියාකාරීන් ලෙස විශ්‍රාමික විදුලි ඉංජිනේරු අජිත් මුණසිංහ,වෛද්‍ය ප්‍රසාද් මොහොට්ටි ඇතුලු විශාල ජන සහභාගීත්වයකින් ඉතා උද්‍යෝගයෙන් අත්සන් එකතුකිරීමේ ව්‍යාපාරය සාර්ථකව අවසන් වූ අතර වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමේදී සහාය දැක්වූ දකුණේ ප්‍රභල පිරිස් කීපයක් ඒ හා එක්විය…

.එමෙන්ම වත්මන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ ලේකම්වරයකු ලෙස කටයුතු කල දැනට ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටින උදය හිත්තැටියගේද සහභාගී වීම විශේෂත්වයක්..

ඔබේ නගරයේද නුදුරු දිනක ආරම්භ වීමට නියමිත ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත අහෝසි කිරීම වෙනුවෙන් ඔබේ වටිනා අත්සන ලභාදෙන මෙන් ඉල්ලමු……

සුමුදු මද්දුමආරච්චි.
මිලානෝ,
ඉතාලිය
.

WhatsApp Image 2022 03 17 at 22.08.39

WhatsApp Image 2022 03 17 at 22.08.40

WhatsApp Image 2022 03 17 at 22.08.40 1

WhatsApp Image 2022 03 17 at 22.08.41 2