කන්න බොන්න , ගෑස්, විදුලිය නැතත් : බිලියන 28 ක පාරක් සූදානම් !

 කන්න බොන්න , ගෑස්, විදුලිය නැතත් :  බිලියන 28 ක පාරක් සූදානම් !

රට අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ , ඉන්ධන ගෑස් ඇතුළු උග්‍ර අර්බුදයක සිටින පසුබිමේ පවා කිලෝ මීටර් 5.3 පාරක් රුපියල් බිලියන 28 ක් වැයකර ඉදිකර 2023 දී විවෘත කිරීමේ සූදානමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙයි.

මේ බව අනාවරණය වී ඇත්තේ කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම්වල ප්‍රගතිය පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා ගේ මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයක මෙසේද සඳහන් වෙයි.

ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කර 2023 වසරේ දී අවසන් කර , ජනතා අයිතියට පත්කල යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කර ඇත.

 කුළුණු මත ඉදිකරන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් ආරම්භවූ මුල් වසර දෙක ඇතුලත එහි ඉදිකිරීම් ඉතාමත් මන්දගාමී අයුරින් සිදු වුන බැවින් ඉදිකිරීම් වල ප්‍රගතිය 7% ක් වැනි අඩු ප්‍රමාණයක තිබිණි. නමුත් 2022 වසරේ මුල් කාර්තුව වන විට සමස්ථ ඉදිකිරීම් වල ප්‍රගතිය 32% බවත් , ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයක් වන පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ කටයුතුද මේවන විට අඛන්ඩව සිදු කරන බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.

කොළඹ වානිජ නගරයට ප්‍රවේශ වීමේදී පවතින අධික රථවාහන තදබදයට ස්ථාවර පිළියම් ලෙස ඉඟුරුකඩේ මංසන්ධියේ සිට අභිනව වරාය නගරයට පිවිසීමට කුළුණු මතින් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරන ලදි. මෙම මාර්ගයේ ඇති සුවිශේෂත්වය නම් පරිසර හිතකාමීව කුළුණු මතින් ඉදිකිරීම් සිදු කිරීමයි.

කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ දුර කි.මි 5.3 ක් වේ. මංතීරු 4 ක් යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි. ඉඟුරුකඩේ මංසන්ධියෙන් ආරම්භ වී ගාලුමුවදොර වරාය නගරයෙන් අවසන් වන මෙම මාර්ගයේ ඉදිකිරීම් සඳහා රු.මිලියන 28,002 ක මුදලක් වැය කෙරේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න