ලංකාව අපෙන් ඩොලර් බිලියන 2.5ක ණයක් ඉල්ලුවා : ලංකාවේ චීන තානාපති කියයි !

ලංකාව අපෙන් ඩොලර් බිලියන 2.5ක ණයක් ඉල්ලුවා : ලංකාවේ චීන තානාපති කියයි !

ලංකා රජය චීනයෙන් ඩොලර් බිලියන 2.5 ක ණයක් ඉල්ලා ඇති බවත් එම මුදලෙන් ඩොලර් බිලියනයක් සෘජු ණයක් ලෙසත් ඩොලර් බිලියන 1.5 ක් වෙනත් ණය මාර්ගවලින් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් පැවසීය.

ඒ කොළඹදී අද (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි ඒ පිළිබඳව සළකා බලමින් සිටින බව කී ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් චීනය තව දුරටත් ශ්‍රී ලංකාවට සියලුම අංශවලින් සහයෝගය දක්වන ප්‍රමුඛයා බවට ද සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ මහ බැංකු වාර්තාවට අනුව ද චීනය අඛණ්ඩව මූල්‍යමය සහ සෙසු සියලුම අංශවලින් සහයෝගය දක්මින් ප්‍රමුඛයා යැයි තව දුරටත් පත්ව සිටින බව ද චීන තානාපතිවරයා වැඩි දුරටත් කීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න