ලංකා රජය චීනයෙන් ඩොලර් බිලියන 2.5 ක ණයක් ඉල්ලා ඇති බවත් එම මුදලෙන් ඩොලර් බිලියනයක් සෘජු ණයක් ලෙසත් ඩොලර් බිලියන 1.5 ක් වෙනත් ණය මාර්ගවලින් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් පැවසීය.
ඒ කොළඹදී අද (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.
ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි ඒ පිළිබඳව සළකා බලමින් සිටින බව කී ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් චීනය තව දුරටත් ශ්‍රී ලංකාවට සියලුම අංශවලින් සහයෝගය දක්වන ප්‍රමුඛයා බවට ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ මහ බැංකු වාර්තාවට අනුව ද චීනය අඛණ්ඩව මූල්‍යමය සහ සෙසු සියලුම අංශවලින් සහයෝගය දක්මින් ප්‍රමුඛයා යැයි තව දුරටත් පත්ව සිටින බව ද චීන තානාපතිවරයා වැඩි දුරටත් කීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
