සෞභාග්‍යයේ දැක්මෙන් ලැබුණේ : කළුවරයි, හාමතයි, පෝලිමයි විතරයි – නලින්ද

සෞභාග්‍යයේ දැක්මෙන් ලැබුණේ : කළුවරයි, හාමතයි, පෝලිමයි විතරයි –  නලින්ද

“සෞභාග්‍යයේ දැක්මෙන්” මේ රට හාමතේ, කළුවරේ, පෝලිමේ දුවන රටක් බවට ජනාධිපති විසින් පරිවර්තනය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජයීය, දේශපාලන සියලු අර්බුද හමුවේ අද රට විසාලා මහනුවරක් බවට පත්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ආණ්ඩුවට ජනතා ප්‍රශ්න විසඳීමට ඇති නොහැකියාව පිළිගෙන දැන් හෝ ඉවත් වී ප්‍රශ්න විසඳාගත හැකි නායකයකු ජනතාවටම තෝරා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසද ඔහු අවධාරණය කරයි.

පවතින ආර්ථික තත්වය හමුවේ ජනතාව දැඩි පීඩනයක පසුවන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය නිසා වයස් භේදයකින් තොරව ඔවුන්ට නොයෙක් පෝලිම්වල සිටීමට සිදුව ඇති බවත් අපේ රටේ වැඩිහිටි ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් පෝලිම්වල සිටිනවා පමණක් නොව ඔවුන් බහුතරයකට නිදන්ගත රෝග තිබෙන නිරන්තරයෙන් ප්‍රතිකාර ගන්නා පුද්ගලයන් බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දයි.

පවුලේ අවශ්‍යතා වෙනුවෙන් මෙසේ පෝලිම්වල සිටීමට බොහෝ දෙනාට සිදුවන අතර මේ වනවිට තිදෙනෙක් පෝලිම්වලදී මිය ගොස් තිබෙන නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති රටේ ජනතාවට සෞභාග්‍යය උදාකර ඇත්තේ මේ ආකාරයට බවද ඔහු පවසයි.

ජනතාවට ආර්ථික ප්‍රශ්න උග්‍ර වනවිට විවිධාකාරයෙන් කෝපය පුපුරා යන අතර හදිසි කෝපය මත සමාජ අර්බුද දක්වා එය වර්ධනය වන බවත් අපේ රටේ මේ වනවිට එම සීමාව පැන තිබෙන බැවින් සමාජ විද්‍යාඥයන්ට රටේ ප්‍රශ්නයට විසඳුම කුමක් ද? යන්න ඉදිරිපත් කිරීමට කාලය එළඹ ඇති බවත් ඔහු පවසයි.

පෝලිම්වල සිටින විට ජනතාව මැරී වැටෙද්දී ජනාධිපති කිසි ම හැඟීමකින් තොරව සිටින බව ත් අගමැති, ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය වහසිබස් දොඩමින් හිස් වචන පාවිච්චි කරමින් සිටින බව ඔහු වැඩිදුරට ත් චෝදනා කරයි.

-මව්බිම

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න