ආයෙත් තට්ටු මාරුවලට ඉඩ නෑ - ටිල්වින්

ආයෙත්  තට්ටු මාරුවලට ඉඩ නෑ - ටිල්වින්

අවුරුදු දෙකකට පෙර ගෝටාබය රාජපක්ෂ මේ රටේ ජනාධිපති වශයෙන් වැඩිම ජනතා ඡන්දයකින් තේරී පත්වුවත් අවුරුදු දෙකක්වත් ගතවීමට පෙර වැඩිම ජනතාවක් ඒකරාශී කරගෙන ගෙදර යවන්න ලෑස්ති බවත් පරණ තට්ටු මාරු ක්‍රමයට යළ ඉඩ නැති බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (23) නුගේගොඩ "පන්නමු" මැයෙන් පැවති ජාතික ජන බලවේගයේ විරෝධතා රැලිය අමතමින් ය.

එහිදී ඔහු මෙසේද පැවසීය.

“තැන් තැන්වල ඉන්න ජනතාව විඳින දුක් වේදනා එකට කැටි කරලා ආණ්ඩුව ගෙදර යවන්න ලෑස්තියි. බුද්ධි අංශ වාර්තාවලින් ගෝටාබය රාජපක්ෂ මහත්තයාට ඒ බව දන්වයි. ගෝටාබය රාජපක්ෂ මහත්තයා සිංහාසනයෙන් බස්සවා ගෙදර යවන්න ලෑස්ති බව ඒ වාර්තාවලින් තහවුරු කරයි. ඒ වගේම ගෝටාබය සිංහානයෙන් බස්සවා කොහේවත් නැති පුතානෝ කෙනෙක් බලයට ගේන්නෙත් නැහැ. පරණ තට්ටුමාරු ක්‍රමයට දැන් ඉඩ නැහැ.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න