ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක් ණයට ඉල්ලලා !

ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියනයක් ණයට ඉල්ලලා !

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් තවත් ඩොලර් බිලියන 01ක අතිරේක ණයක් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

රොයිටර් වාර්තාවට අනුව සහල්, තිරිඟු පිටි, ධාන්‍ය වර්ග, සීනි සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉල්ලා සිටින ලද නව ණය මුදල පිළිබඳ ඉල්ලීම ඉටු කරන බව ඉන්දීය බලධාරීන් පෙන්වා දී ඇති බවය.

මෙය දැනටමත් ඉන්දියාව විසින් ප්‍රතිඥා දී ඇති ඩොලර් බිලියන 01 ක ණය මුදලට අමතරව ලබා දෙනු ඇති.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ මාසයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ඩොලර් බිලියන 01 ක මුල් ණය මුදලක් ලබා ගැනීමේ ගිවසුමටකට ද අත්සන් තැබුවේ ය.

ඊට අමතරව, ඉන්දියාව මේ වසර මුලදී ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම් සඳහා ඩොලර් මිලියන 500 ක් සහ ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරු පහසුකමක් ලබා දුන්නේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න