අගමැති පැරදුණොත් ආණ්ඩුවම අවධානමේ : ව්‍යවස්ථාවේ අනාවරණය මෙන්න

අගමැති පැරදුණොත් ආණ්ඩුවම අවධානමේ : ව්‍යවස්ථාවේ අනාවරණය මෙන්න

විශ්වාසභංග යෝජනාව ගෙනවිත් තිබෙන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය මෙන්ම පාර්ලිමේන්තුවේ සිටින 225 ම ඉලක්ක කරගෙන බවත් යම් ආකාරයකින් විශ්වාසභංගය සම්මත වුවහොත් කතානායකවරයාට අසීමිත බලයක් ලැබෙන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කරයි.

vajira A 1000px19 ව්‍යවස්ථා සංශෝධනය හොඳට බලන්න 

ඊයේ (28) එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (2 ) වගන්තියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලය විසිර ගියද ජනාධිපතිවරයා තවදුරටත් එම ධූරය දරන්නේය" යනුවෙන් සඳහන්ව තිබුණත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එවැන්නක් සඳහන් නොවන බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වගන්තිය

janaadhipathi 1

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන ආකාරය 

janadhipathi 2

සංශෝධිත ව්‍යවස්ථාව අනුව 

ජනධපත 3

අමාත්‍යවරයා එහිදී සිදුකළ අනාවරණය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (2) මෙන්ම 19 වාන සංශෝධනය අනුවත් ජනාධිපතිවරයා රජයේ,විධායකයේ මෙන්ම ආණ්ඩුවේද ප්‍රධානියා වෙයි. ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුවට එරෙහිව අදාළ විශ්වාසභංග යෝජනාව ගෙනවිත් ඇති බැවින් එහිදී යම් ආකාරයකට ආණ්ඩුව එය පරාජය වුවහොත් එය 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට එරෙහි විශ්වාසභංගයක් ද වන බවය.

ඒ අනුව කතානායකවරයාට ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණ ගන්නට සිදුවන බවත් එවැනි තත්ත්වයකදී කතානායකට අසීමිත බලයක් සහ 2015 ජනවාරි 8 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණු විධායක ජනාධිපතිතුමාගේ බලතල සීමා කිරීමේ පවරාතිබෙන කර්තව්‍ය කතානායකවරයාට හිමිවෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

එසේම අග්‍රාමාත්‍යවරයාට පමණක් විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්න ව්‍යවස්ථාවේ කිසිම ප්‍රතිපාදනයක් නොමැති බවත් අග්‍රාමාත්‍යවරයා සෘජුව ඉවත්කළ හැකි ක්‍රමයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ 81 වෙනි වගන්තිය මත පමණක් බව සඳහන් කරන අමාත්‍යවරයා වැඩිදුරටත් එම තත්ත්වය මෙසේ පැහැදිළි කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වගන්තිය

ජනධපත 4

ජනධපත 5

"81වගන්තියට අදාළ කරුණු තමයි විශ්වාසභංගයට ඉදිරිපත් කරලා තිබෙන බැඳුම්කර සිද්ධියේ කාරනා. අග්‍රාමාත්‍යතුමා ඇතුළු දේශපාලනඥයන් කිසිවෙක් බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් වගකිව යුතු නෑ කියලා ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඉතා පැහැදිළිව සඳහන් වෙනවා. එහෙම සඳහන් වෙලා තියනකොට 81 වෙනි වගන්තිය යටතේත් ගේන්න බෑ. පාර්ලිමේන්තුවේ ඉන්න 225ම 19 වන සංශෝධනය කියව ගත්තොත් හොඳයි.

19 ව්‍යවස්ථා සංශෝධනය අනුව රජයට සම්ප්‍රදායිකව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය හරහා විරුද්ධ පාර්ශවය ඉතා සුක්ෂමව අන්තිම වාක්‍යයේ පොඩි පේළියක් ලියනවා රජයට විරුද්ධව කියලා. මොකද නැත්නම් මේ විශ්වාසභංගයේ වලංගුභාවයක් කොහෙත්ම නෑ. එතකොට මේකේ ඉලක්ක කරලා තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා කැබිනට් මණ්ඩලය , පාර්ලිමේන්තුවේ 225. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තිම පිටුවේ 51 ට බලපාපු ගමන් මුළු මහත් පාර්ලිමේන්තුවටත් සියළු දෙනාටත් බලපානවා කතානායකතුමාට හැර.

එසේම පෙන්වාදෙන ආකාරයේ අර්බුදයක් මතුවුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කතානායකවරයාට පමණක් , කතානයකධුරය මෙන්ම විධායක ජනාධිපතිධූරය යන ධූරදෙකම දැරීමට හැකියාව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න