Language Switcher

V2025

මෙන්ඩිස් නඩුවෙන් විනිසුරු ප්‍රසන්න ඉවතට

ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සහ සමාගම සතු බැංකු ගිණුම් අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගනුලැබූ තීරණයට එරෙහිව මෙන්ඩිස් සමාගම සහ එහි සභාපති අර්ජුන් ඇලෝසියස් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමේ විනිසුරු මඩුල්ලෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන ඉවත්වී ඇත.

මෙම පෙත්සම 28 වනදා ත‍්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී එම විනිසුරුවරයා තම ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර ඇත. ප‍්‍රසන්න ජයවර්ධණ විනිසුරුවරයා හැරුණු විට සිසිර ද ආබෲ, මුර්දු ප‍්‍රනාන්දු යන විනිසුරුවරු නියෝජය කළහ.

ඒ අනුව විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන නොමැතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය එහි ලේඛකාධිකාරීවරියට නියම කර ඇති අතර ඒ අප්‍රේල් 3 වනදා ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, නීතිපති ඇතුළු හයදෙනෙකු මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබෙන අතර මහ බැංකු බැඳුම්කර සිද්ධියෙන් පසුව පෙත්සම්කරුගේ බැංකු ගිණුම් අත්හිටුවමින් වග උත්තරකරුවන් කටයුතු කළ බවත් , එම ගිණුම් වල පවතින මුදල් නිදහස් කරන ලෙසට තමන් කළ ඉල්ලීම අදාළ වගඋත්තරකරුවන් විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබූ බවද පෙත්සමේ සඳහන් වේ.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන බැඳුම්කර ජනාධිපති කොමිසමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ අයෙක්ය.