වැලිකඩ ඝාතනයට සැකපිට : පොලිස් පරීක්ෂක රංගජීව අත්අඩංගුවට

වැලිකඩ ඝාතනයට සැකපිට : පොලිස් පරීක්ෂක රංගජීව අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනියුක්තව සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අද (28) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

පොලිස් ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහුව අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව වෙත කැඳවා තිබුණු අතර එහිදී අත්අඩංගුවට ගැනීම සිදුවූ බවය.

අත්අඩංගුවටගත් පොලිස් පරීක්ෂක රංගජීව හෙට (29) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීමේදී පොලිස් පරීක්ෂක රංගජීව ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසක් ද සමග පැමිණ සිරකරුවන් තෝර තෝරා ඝාතනය කළ බවත් ඒ සඳහා කළින් සුදානම් කරගත් ලැයිස්තුවක් ඔවුන් සතුව වූ බවත් වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් 2015 වසරේදී පත්කළ කමිටුව හමුවේද අනාවරණයවී තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න