තුවක්කුකරුවන් පලවා හැරී පොලිස් නිලධාරීන්ට අත නොතබනු ! – නීතිඥවරු එක හඬින් කියති

තුවක්කුකරුවන් පලවා හැරී පොලිස් නිලධාරීන්ට අත නොතබනු ! – නීතිඥවරු එක හඬින් කියති

ඊයේ (05) පාර්ලිමේන්තුව ආසන්නයේ පැවති මහජන විරෝධතාවයක් හරහා අංක තහඩු රහිත යතුරුපැදිවල නැගී ගමන් ගත් අවි ගත් තුවක්කුරුවන් නවත්වා මහජන ආරක්ෂාව තහවුරු කළ පොලිස් නිලධාරීන් පිළිබඳව විනය පියවර ගන්නැයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න කර තිබෙන දැනුම්දීමට විරුද්ධව නීතිඥයින් එක හඬින් නැගී සිටිති.

අද (06) අලුත්කඩේ උසාවි සංකීර්ණය ආසන්නයේදී මේ පිළිබඳව නීතිඥවරුන් කරුණු සලකා බැලීමට තීරණය කර තිබේ.

සාමාකාමී ලෙස විරෝධය දැක්වූ මහජනතාව අතරට යුද හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු සම්පූර්ණ ආයුධ සන්නද්ධ මුහුණු ආවරණය කර ගත් කල්ලියක් යතුරුපැදිවලින් කඩා වැදී ප්‍රකෝපකාරී ක්‍රියාවලට සූදානම් විය.

එම අවස්ථාවේදී විරෝධතාකරුවන් එම යතුරු පැදි නවත්වා විරෝධය පළකළ අතර පොලිසිය නීතිය හා සාමය ආරක්ෂා කර මහජනතාවගේ අයිතීන් වෙනුවෙන් ක්‍රියාකරනු ලැබීය.

එහෙත් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඊයේ නියෝගයක් කරමින් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට දන්වා ඇත. ඒ අනුව පොලිස්පතිවරයාද පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිල වශයෙන් තහවුරු කර තිබේ.

මෙම තත්වය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද සමීපව කරුණු අධ්‍යයනය කරමින් සිටින අතර මහජන ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීමට ක්‍රියාකළ පොලිස් නිලධාරීන්ට කිසිදු ආකාරයකින් අගතියක් නොවීමට ක්‍රියාකරන බව මේ වන විටත් වාර්තා වේ.

සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

 ඊයේ දිනයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම ගැන අද පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ අදහස් මතු විය.

මෙහිදී ඒ පිලිබඳ අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියේ එම අවස්ථාවේ පොලිසියේ හැසිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බවයි.

තවද එම හමුදා නිලධාරින් එම ස්ථානයට යාම අනුවන ක්‍රියාවක් වන අතර මෙවැනි ව්‍යාකූල අවස්ථාවකදී මෙම සෙබළු අට පාස් උදවිය වන අතර ඔවුන් කලබලයට පත් වී ඕනෑම දෙයක් සිදුවීමට පවා ඉඩ තිබූ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැඩි දුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.

theleader.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න