මීඩියා ඉස්සරහ සංවේදී වූ ශාන්තට : උවිදු දුන්න පිළිතුර !

මීඩියා ඉස්සරහ සංවේදී වූ ශාන්තට : උවිදු දුන්න පිළිතුර !

ජනතාව ඊයේ (14) තමන්ගේ නිවස ඉදිරියට පැමිණ හැසිරුණු ආකාරයට බියවූ තම කුඩා දියනිය ආහාර පවා නොගත් බව ඉතා සංවේදී ලෙස නව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය.

ඒ අද (15) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

තමන් අමාත්‍ය ධූරයක් බාර ගත්තේ රටේ මේ මොහොතේ පවතින තත්වය ගැන හොඳින් සිතා බැලීමෙන් පසු බවත් ඒ ජනාධිපතිවරයා කළ ඉල්ලීමක් සලකා බලමින් බවත් ඔහු පැවසීය.

එසේ නැතිව අමාත්‍ය ධුරයකට ඇති ගිජුකම නිසා නොවන බව ද පැවසූ ඔහු තමා ගත් තීරණය නිවැරදි බව ජනතාව ඉදිරියේ දී පවසනු ඇතැයිද කියා සිටියේය.

කෙසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ශාන්ත බණ්ඩාර රාජ්‍ය ඇමති ධූරය ලබාගත්තේ පක්ෂයේ තීන්දුව උල්ලංඝනය කරමිනි.

කෙසේ වුවත් රාජ්‍ය ඇමති ගේ සංවේදී කතාවට ප්‍රතිචාරයක් කොලම්බු ටෙලිග්‍රාප් වෙබ් අඩවියේ සංස්කාරක සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබූ අතර එය පහත දැක්වේ.

uvindu 500

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න