මර්දනයට සූදානමක් ගැන පෙරටුගාමීන්ගේ අනාවරණයක් ! (Video )

මර්දනයට සූදානමක් ගැන පෙරටුගාමීන්ගේ අනාවරණයක් ! (Video )

ගාළු මුවදොර විරෝධතාකරුවන්ට පහර දීමේ සූදානමකින් කඩවත ප්‍රදේශයේ හමුදා කඳවුරක් තුල පුහුණුවීමක් සිදු කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව කියා සිටියේ අදාළ හමුදා කදවුර තුළ විරෝධතාවයේ පුහුණුවීම් සිදු කරන්නේ දැනට ගාලු මෝදර පිටියේ විරෝධතාකරුවන් විසින් හඬගා කියන සටන් පාඨ කියමින් බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මේ බව සඳහන් කර සිටියේ එම පක්ෂයේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ය.

මෙම පුහුණුවෙන් පසු ගාලු මුවදොර පිටියේ විරෝධතා කරුවන්ට පහර දීමේ සූදානමක් ඇතැයි සැක මතුවන බවද එහිදී දුමින්ද නාගමුව පැවසූ අතර මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් ප්‍රකාශයක් සිදුකල යුතුය ඇති බවද පැවසීය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න