ඇමති ධූර එපා කියපු ජ්‍යෙෂ්ඨයන් මෙන්න !

ඇමති ධූර එපා කියපු ජ්‍යෙෂ්ඨයන් මෙන්න !

නව කැබිනට් මණ්ඩලය දිවුරුමේ සියලු කටයුතු මේ වන විට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

නව කැබිනට් මණ්ඩලයේ හිටපු කැබිනට් සාමාජිකයන් ට අමතරව නවක මූහුණු රැසක් දකින්නට ලැබෙනු ඇති බවත් වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ එළැඹෙන IMF සාකච්ඡා සඳහා අත්‍යවශ්‍ය කරුණක් ලෙස දක්වමින් ආණ්ඩුව මෙම නව කැබිනට් මණ්ඩලය පත්කිරීමට යන බවය.

ඩලා, මහින්දානන්ද , බන්දුල කැබිනට් එපා කියලා !

මේ අතර හිටපු කැබිනට් මණ්ඩලය නියෝජනය කළ ඩලස් අලහප්පෙරුම , මහින්දානන්ද අලුත්ගමගේ සහ බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් නව කැබිනට් මණ්ඩලයේ තනතුරු නොගෙන සිටීමට තීන්දුවක් ගෙන ඒ බව ජනාධිපති දැනුවත් කළ බවත් වාර්තා වෙයි. එහිදී ඔවුන් යෝජනා කර ඇත්තේ , නවකයන්ට අවස්ථාව ලබාදී තමන් පැත්තකින් සිට ඊට සහය දෙන බවයි.

කෙසේ වුවත් පළමු අවස්ථාවේ 15 කින් යුතු කැබිනට් මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇතත් මේ වන විට එම ප්‍රමාණය 22ක් දක්වා වැඩිවී ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න