නාමල්ගේ උත්සාහය වතුරේ : ජීවන් තොණ්ඩමන් විශ්වාසභංගයට පක්ෂයි !

නාමල්ගේ උත්සාහය වතුරේ : ජීවන් තොණ්ඩමන් විශ්වාසභංගයට පක්ෂයි !

වත්මන් ආණ්ඩුවට එරෙහි විපක්ෂය ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දීමට තීරණය කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ජීවන් තොණ්ඩමන් පවසයි.

රටේ ජනතාවගේ හා වතුකර ජනතාවගේ යහපත උදෙසා මෙම තීරණය ගත් බව ඔහු සිය ටිවිටර් ගිණුමේ පණිවිඩයක් තබමින් සඳහන් කර ඇත.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේ මෙම තිරණය ගත් බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජීවන් තොණ්ඩමන් වත්මන් ආණ්ඩුවේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නමුත් පසුව ස්වාධීන විය.

එසේම පසුගියදා ඔහුට නාමල් රාජපක්ෂ දැරූ කැබිනට් අමාත්‍ය ධූරය ලබාදීමට උත්සාහ කර ඔහුව ආණ්ඩුවට දිනා ගැනීමට උත්සාහයක් දියත්කර තිබුණත් එය ව්‍යර්ථව ගියේ, ජීජීවන් තොණ්ඩමන් එය ප්‍රතිකේෂ්ප කළ නිසාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න