ඩොලරයේ ඓතිහාසික නැගීමක් !

ඩොලරයේ ඓතිහාසික නැගීමක් !

මෙරට වාණිජ බැංකුවල සහ රාජ්‍ය බැංකු වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 345 අගයක් දක්වා අද (25) පහළ වැටි ඇති බව වාර්තා වෙයි.

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ මෙතරම් අගයකට පහළ වැටුණු පළමු අවස්ථාව මෙය බව මූල්‍ය විශ්ලේෂකයන් පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 330.0000 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 342.4979 ක් විය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක අද දින යාවත්කාලීන කළ විදේශ විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 355 ලෙස සටහන් විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න