ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමියන්ගෙන් : ඇමති කාංචනට අභියෝගයක් !

ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමියන්ගෙන් : ඇමති කාංචනට අභියෝගයක් !

දිවයින පුරා ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථ හිමියන් ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එරෙහිව විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර ගෙන ඇති තීන්දුවට බරපතළ අභියෝගයක් එල්ලවී ඇත.

අමාත්‍යවරයා ගනුලැබූ තීන්දුව වන්නේ ඉන්ධන ප්‍රවාහනය නොකරන බවුසර් හිමියන්ගේ බලපත්‍ර අහෝසි කර නව බලපත් නිකුත් කිරීමය.

එහෙත් එය අඅභියෝගයට ලක්කර පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන ලෙස අභියෝග කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසා ඇත .

ඒ අනුව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා අද (1) මාධ්‍ය හමුවකදී පවසා සිටියේ බලශක්ති අමාත්‍යවරයාගේ තර්ජනවලට බිය නොවන බවත්
නව බලපත්‍ර ලබාදෙන්නේ යැයි කියන සුරංගනා කථාවලට ටැංකි රථ හිමියන් බිය නොවන බවත් නව බලපත්‍රයක් ගෙන ටැංකි රථයක් ධාවනයට එක්කිරීමට අඩුම තරමින් මාස හයක්වත් ගතවන බවත් ය.

ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් ඇමතිවරයාව නොමඟ යවා තිබීම නිසා එතුමා ගැන කණගාටු වන බව කී ශාන්ත සිල්වා ටැංකි රථ හිමියන් සියලු දෙනා බපත්‍රය විකුණා මුදල් බැංකුවේ තැම්පත් කර ජීවත්වීමට සූදානම් බව ද සඳහන් කර ඇත .

ඉන්ධන මිල වැඩීමත් සමඟ ඉන්ධන ටැංකි රථ ගාස්තු වැඩි කිරීමේ මිල සූත්‍රයට අනුව කටයුතු කළේ නම් කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවත් ආණ්ඩුව මර්දනය තෝරාගන්නේ ටැංකි රථ හිමියන් 6 වැනිදා පවත්වන දැවැන්ත වර්ජනයට එකතු වන බවත් ශාන්ත සිල්වා වැඩි දුරටත් මාධ්‍ය හමුවේ පවසා ඇත .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න