ඇමති ධූර කිහිපයක් ලෑස්තියි - පමා නොවී එන්න : ගෝඨා සජිත්‍ට දන්වයි !

ඇමති ධූර කිහිපයක් ලෑස්තියි - පමා නොවී එන්න :  ගෝඨා සජිත්‍ට දන්වයි !

පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා සමගි ජනබලවේගය පක්ෂයේ යම් පිරිසක් ඉදිරියේදී පත්කිරීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් කිරීමට එකඟ වන්නේ නම් , ඒ සම්බන්ධයෙන් නොපමාව දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දැනුම්දි ඇත.

අද (12) මෙම ලිඛිත දැනුම්දීම සිදුකර ඇත්තේ කොන්දේසි 4ක් යටතේ තමන් අන්තර්කාලීන ආණ්ඩුව භාරගැනීමට සූදානම් බව සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති වෙත යොමුකළ ලිපියට නිල ප්‍රතිචාරයක් වශයෙනි.

රට බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් පවතින අවස්ථාවක නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමට බොහෝ කල් දැමීමට නොහැකි බවත් එබැවින් කඩිනම් ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා යොමුකළ ලිපියේ අවධාරණය කර ඇත.

අභියෝගය මඟ හැරියේ ඔබයි : දැන් ඔබ ප්‍රමාදයි !

එසේම මැයි 06 වනදා අගමැති මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වීම දැනුම්දීම ,

පසුව අගමැති ධූරය භාරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ජනාධිපති ගෝඨාභය සිදුකළ දැනුම්දීම ,

ජනාධිපති යටතේ අන්තර්වාර පාලනයක වගකීමක් නොගන්නා බවට විපක්ෂ නායක මැයි 10, ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී පැවසීම,

ඇතුළු පසුගිය සමයේ සිදුවීම් පැහැදිලි ලෙස දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , අන්තර්වාර ආණ්ඩුවක් සඳහා එකඟ අනෙකුත් පක්ෂ නායකයන්ගේ එකඟතාව මත හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට අග්‍රාමාත්‍ය ධූරය සඳහා ආරාධනා කළ බවත් විපක්ෂ නායක වෙත යොමුකළ ලිපියේ සිහිපත් කර ඇත .

එවැනි පසුබිමක නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (12) දිවුරුම්දීමට මොහොතක් තිබියදී අනෙක් පක්ෂ සමග සාකච්ඡා නොකළ කොන්දේසි 4 ක් ගෙන අගමැති ධූරය ලබාගන්නට එකඟතාව දැක්වූවද තමන්ට වචනය වෙනස් කිරීමට නොහැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත යොමුකළ ලිපියේ දක්වා ඇත.

ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි .

sajith l

සජිත් බලාගෙන ඉන්න : කැප්ටන් වැඩේ බාරගෙන !

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධූරය දැරීමටවත් තරම් පරිණතද යන ප්‍රශ්නය මේ හරහා මතුවෙන බවයි.

රට බරපතළ අර්බුදයකට මුහුණදී රටේ සෑම අංශයක්ම කඩා වැටෙමින් ඇති පසුබිමක රනිල් අගමැති ධූරය භාරන්නා තුරු ඒ සම්බන්ධයෙන් වූ අභියෝගයට මුහුණදීමට නොහැකි නායකයකු ලෙස තමන් විසින්ම අද නැටූ නාඩගම හරහා තහවුරු කළ බවත් විචාරක මතය වී තිබේ.

හොඳම කප්පිත්තා යනු මුහුද නිසොල්මනේ ඇති අවස්ථාවේ එය නියමිත වරායට ගෙන යන්නා නොව , මහා කුණාටු සුළි ඇති පසුබිමක පවා නිරුපද්‍රිතව නැව වරායට පදවන්නා බව සජිත් විපක්ෂ නායක මෙන්ම ඔහුගේ ගෝලයන් රැළත් තේරුම් ගතයුතු බව එක් දේශපාලන විචාරකයකු අවධාරණය කර සිටියේ ය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අසාර්ථක වුවත් මෙවන් මොහොතක රටේ අභියෝගය භාරගැනීමට සමත් වෙනත් දේශපාලනඥයකු නොමැති තරම් බවත් ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න