ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයෙන් ඉවත් කරනු ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි .
එසේම ඔහු එම රාජකාරියෙන් ඉවත් කර වෙනත් රාජකාරියක් සඳහා අනුයුක්ත කරන විසින්ද නීතිපතිවරයා දැනුම් දී ඇති බවත් දැනගන්නට ඇත .
පසුගිය මැයි 09 දා ගාලුමුවදොර පිටියේ සහ අරලියගහ මන්දිරය ඉදිරියේ සිදු වූ කලබලකාරී සිදුවීම් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට බලපෑමක් එල්ල නොවීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගන්නා ලෙසද දැනුම් දී ඇත.
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සිය ෆේස්බුක් ගිනුමේ ආන්දෝලනාත්මක සටහනක් තබා ඇති අතර එය පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
