Image

අද රජය නියෝජනය කරන මැතිඇමතිවරුන්ට ජනතාව හමුවට යන්න බැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අද රජය නියෝජනය කරන මැතිඇමතිවරුන්ට ජනතාව හමුවට යන්න බැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රටටත් ජනතාවටත් කළ: බොරුව, රැවටිල්ල, ඇන්දවිල්ල හේතුවෙන් අද රජය නියෝජනය කරන මැතිඇමතිවරුන්ට ජනතාව හමුවට යා නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (03) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ගැටලු සොයා බැලිමට ගිය අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

කළුකඩ වෙළෙඳාම ප්‍රචලිත වෙලා

''දැන් මෙරට ජනතාවගේ ජිවන බර වැඩි වී ජීවත් වෙන්න පවා නොහැකි වී තිබෙනවා. කෘෂිකර්මාන්තය, ධීවර ක්ෂේත්‍රය කඩා වැටී, තෙල් ගැස් විදුලිය හා බඩු මිල වැඩි වී, දැවැන්ත පීඩනයකට කම්පනයකට ජනතාව හසුවෙලා. වත්මන් රජයට මෙරට ජනතාව ගේ අවශ්‍යතාවන්, වුවමනා සපුර ගන්න නොහැකි වී තිබෙනවා. පොහොර හිඟයක් ඇති බව පෙන්වා දෙන විට එවැනි දෙයක් නැති බව කිව්වත් තවමත් පොහොර හිඟයක් පවතිනවා. සෑම පොහොර වර්ගයක්ම හිඟ නිසා පොහොර කළුකඩ වෙළෙඳාම ප්‍රචලිත වෙලා. දැන් රටේ අතමිට සරු වී ඇත්තේ කළුකඩකාරයන් ගේ, බාල ගල් අඟුරු ජාවාරම්කරුවන් ගේ සහ රජය වටා සිටින ධනපති ව්‍යාපාරිකයන් ගේ විතරයි. සාමාන්‍ය ජනතාව අද දුක් විඳිනවා. ආණ්ඩුවට මේවාට උත්තර නැහැ. ආණ්ඩුව දන්නේ වහල්ලුන්ට මුදල් දී මඩ ගැසීමත්, සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ජනප්‍රියත්වයක් අත්කර ගැනීමත් පමණයි.

රජය, වීවලට පොහොර සැපයීමේ සූදානමක්

අද වන විට ජලය කළමනාකරණය කර ගන්න මේ රජයට නොහැකි වෙලා. වාරි ජලය, පානිය ජලය, විදුලි බලයට අවශ්‍ය ජලය කළමනාකරණය කර ගන්න රජයට නොහැකි වෙලා. දිට්වා සමයේ සේම මේ වියළි කාලගුණ සමයේ පවා රජයට මේ ජලය කළමනාකරණය කර ගන්න නොහැකි වෙලා. හෝමුස් සමුද්‍ර සන්ධිය වැසුවොත් වෙන හානිය ගැන මම කියද්දි බාත් එල් මහනාත් සමුද්‍ර සන්ධිය වැසීමෙන් වන හානි රුසියාවෙන් තෙල් ගන්න යැයි කියද්දි පවා රජය මේවා ගණන් ගත්තෙ නෑ. දැන් පොහොර ගැටලුව පවා දැවැන්ත ගැටලුවක් වෙලා. මේ රජය: ඉන්දියාව, වියට්නාමය, ඉන්දුනීසියාව, රුසියාව එක්කවත් කතා කළේ නැහැ. මේ රජය දන්නේ මඩ ගහන්න. දැන් රටේම පොහොර හිඟයක් පවතිනවා. දැන් තියෙන පොහොර දෙන්නේ වීවලට කියල කතාවක් යනවා.

විදුලි බිල වැඩි කළේ ගල් අඟුරු වංචාව වහගන්න

විදුලි බිල වැඩි කළේ ගල් අඟුරු වංචවෙන් වෙන පාඩුව මකාගන්න. අදටත් ගෙන එන්නේ බාල ගල් අඟුරු. ඉදිරියේ දී බලාගාර ප්‍රතිසංස්කරණ කරන විට විදුලි කප්පාදු වෙනව කියල මහජන උපයෝගිතා කොමිසම කියනවා. විදුලි කප්පාදු වන විට ආයෝජකයන් රටට එන්නේ නැහැ.

ජනතාවට ආර්ථික පැකේජයක් ලබා දෙන්න

අද රට ම අන්ධකාරයෙන් වෙළී ගිහින්. බඩුමිල පවා පාලනය කළ නොහැකි තත්ත්වයක් උදා වෙලා. දැන්වත් විපක්ෂයට සවන් දෙන ලෙස ඉල්ලා සිටිනවා. මැතිවරණ වේදිකාවේ කියු ආකාරයට වරායේ ගොඩබාන මිලට තෙල් දෙන්න කියා ඉල්ලා සිටිනවා. තෙල් මත ඇති බදු අඩු කර හෝ ඉවත් කර ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. ඉන්දියාවේ ඔස්ට්‍රේලියාවේ පවා දැන් තෙල් මත ඇති බදු ඉවත් කර අඩු කර තිබෙනවා. අද මේ රජය නිසා ලක්ෂ 220 අනාථ වෙලා. ජනතාවට ද්‍රෝහි නොවී, තෙල් මිල අඩු කර, බාල ගල් අඟුරු ගෙන්වීම නතර කර, විදුලි බිල පහළ දමා ජනතාවට ආර්ථික පැකේජයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. හඬක් නැති ජනතාවට සවියක් වන ලෙස ඉල්ලා සිටිනවා.'' 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න