පාර්ලිමේන්තුවේ "ඩෙසර්ට් කට්' එකක් !

පාර්ලිමේන්තුවේ "ඩෙසර්ට් කට්' එකක් !

මතුව ඇති බරපතළ ආර්ථික අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට සේවකයන්ට සහ අමුත්තන්ට ප්‍රධාන ආහාර වේලෙන් පසු ලබා දෙන අතුරුපස එකක් දක්වා අඩු කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඒ පිරිස් සඳහා මේ දක්වා ලබාදී තිබූ අතුරුපස වර්ග සංඛ්‍යාව තුනකි.

පලතුරු ඇතුළු සියලු අමුද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇති හෙයින් අතුරුපස වර්ග තුනක් සැපයීම දුෂ්කරවී ඇතැයි පාර්ලිමේන්තු ආපන ආපනශාලා අංශයේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කර ඇත .

අදාළ පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

එසේම අධික මිල ගණන් නිසා ඇතැම් ආහාර වර්ග මිලදී ගැනීමද සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර පාර්ලිමේන්තුවේ සේවකයන්ට වාර්ෂිකව ලබාදෙන නිල ඇඳුම් ප්‍රමාණයද අඩු කර ඇතැයි වාර්තා වේ.

සෑම වර්ෂයකම නිල ඇඳුම් තුනක් මෙතෙක් ලබා දුන් අතර එය එකක් දක්වා අඩු කර ඇත.

ආර්ථික තත්වය නිසා නිල ඇඳුම් තුනක් සැපයීම දුෂ්කරවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.

පාර්ලිමේන්තුවේ ලිපි ද්‍රව්‍ය පාවිච්චියද ආර්ථික ප්‍රශ්නය සැලකිල්ලට ගෙන සියයට 50කින් පමණ අඩු කරගෙන ඇතැයි එහි නිලධාරීහු පැවසූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න