Language Switcher

V2025

බැසිල් හිරේ දාන්න ඕන : රතන හිමිගෙන් යෝජනාවක් !

රටට කළ අපරාධය සම්බන්ධයෙන් මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිරගත කළ යුතු බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසති.

" රට බංකොළොත් නම් උත්තරය බංකොලොත් විය යුතුද"යන මැයෙන් විපක්ෂයේ ස්වාධීන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී ඊයේ(12) පැවැත්වූණු සම්මන්ත්‍රණයකදී රතන හිමි මේ බව සඳහන් කර ඇත .

පවුල් දේශපාලනය මෙහෙයවපු මිනිහා අද රටින් තමන්ගේ ගම්බිම් බලා ගොස් ඇති බවත් එවැනි දේවල් කරපු මිනිහකුට මෙහෙම රට යන්න පුළුවන් දැයි ප්‍රශ්න කරන බවත් රතන හිමි එහිදී අවධාරණය කර ඇත .

තවද බැසිල් රාජපක්ෂ ට දැන් කිසිම වගකීමක් නැති බවත් ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිනාසී ගෙදර ගිය බවත් අද ඔහු ගැන කිසිදු සාකච්ඡාවක් රටේ නැති බවත් රතන හිමි වැඩිදුරටත් සඳහන් කර ඇත .