වියත්මගත් ජනාධිපති හැරයයි : ගොඩහේවා ප්‍රසිද්ධියේ ගේම ඉල්ලයි !

වියත්මගත් ජනාධිපති හැරයයි : ගොඩහේවා ප්‍රසිද්ධියේ ගේම ඉල්ලයි !

ගෝඨාභය ජනාධිපති කරන්න සැලකිය යුතු මතයක් හදන්න මැදිහත් වුණු සංවිධානයක් තමයි වියත්මග කියන්නේ. විශේෂයෙන් සම්ප්‍රදායික දේශපාලනය එපා කියන්නත්, සම්ප්‍රදායික දේශපාලනයේ නොහිටි ගෝඨාභය ගෙනත් විනයගරුක, වියත් මතය අනුව මෙහෙයවන ආණ්ඩුවක් හදන්න තමයි ඒ කාලේ වියත්මග යෝජනා කළේ. ඇත්තම කිව්වොත්, කැළණියේ නයි නාඩගම ගාණටම වියත්මගත් මේ රටේ මධ්‍යම පංතියේ මොළ හේදුවා.

ඒත් ඉතින් දැන් නම්, වියත්මගේ උදවිය ගෝඨාභයට කියන්නේ , " රැවටුණු තරම් - ඔබ හින්දා මං " කියලා. විශේෂයෙන් වියත්මග කැඳවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා මේ වෙනකොට සෘජුවම ගෝඨාට චෝදනා කෙරනවා. පසුගියදා අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවැත්වුණු සාකච්ඡාව අවස්ථාවේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමා ඇතුළු වියත්මග දැඩි රැවටීමකට ලක් කළ බවත් රට ගොඩනැඟීමට තම දායකත්වය ලබා නොගත් බවත් ආචාර්ය නාලක ගොඩහේවා චෝදනා කරනවා.

වියත්මගේ ආරම්භක සාමාජිකයකු වන ආචාර්ය ගොඩහේවා කියනවා, මේ වන විට රට ෆේල් හෙයින් රටේ නායකත්වය ද ෆේල් බව පිළිගැනීමට සිදුවන බව.

ජනාධිපතිවරණයට පෙර ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික වැඩපිළිවෙළ සැකසූ තමන්ට, අනතුරුව ආර්ථිකය හැසිරවීමේ බලය ලබා දුන්නේ නම් රටේ ආර්ථිකය බිඳ වැටීමට කිසිසේත් ඉඩ නොතබන බවත් ඔහු සඳහන් කරනවා.

ඒ විතරක් නෙවෙයි, ඉදිරියේ දී දූෂණයෙන් වංචාවෙන් පවුල් පාලනයෙන් තොර නව දේශපාලන ගමනක් වෙනුවෙන්, ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ කණ්ඩායමට තම සහාය හිමි වන බවත් ආචාර්ය ගොඩහේවා මෙහිදී ප්‍රකාශ කරනවා.

ඒ වගේම තමයි ඒ සතියෙම නාලක ගොඩහේවා තවත් youtube එකකට ඒ සතියෙම තවත් සාකච්ඡාවක් ලබාදෙනවා. ඒ සරෝජ් සමඟ සංදේශය නාලිකාවට.,

එතනදීත් ගොඩහේවා ජනාධිපතිට කුඩු වෙන්න දෙනවා. ගොඩහේවා කියනවා, අසාර්ථක පාලකයෙකු වන ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කිරීමට දායකවීම ගැන පැහැදිලිවම කණගාටු වන අතර තමන් දැනටමත් ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙන බව. ඒ වගේම තමයි, බලයට පත්වන අවස්ථාවේ ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට අපොහොසත්වීම ගැන ජනාධිපතිවරයා ජාතියෙන් සමාව ගත යුතු බවත් පවසනවා.

දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න