හමුදා පාපහරට විරුද්ධ වෙලා : සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බ්ලොක් වෙලා ?

හමුදා පාපහරට විරුද්ධ වෙලා : සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බ්ලොක් වෙලා ?

කුරුණෑගල ඉන්ධන පිරවුම් හලක හමුදා නිළධාරියෙකු සිදු කළ පහරදීම ගැන යුධ හමුදාව පරීක්ෂණයක් ආරම්භ කළ බව මේ වන විට නිළ වශයෙන් ප්‍රකාශ කොට ඇත.

පසුගිය කාලයේදී හමුදාව සිවිල් වැසියන් වෙත එල්ල කරන ප්‍රහාර වල වීඩියෝ රාශියක් සමාජ ජාල හරහා වයිරල් වී ඇත. හමුදාව මේ ආකාරයට අමානුෂික ලෙස හැසිරෙන්නේ එජාමානව හිමිකම කාර්යාලය තුල ඔවුන්ට එරෙහිව පරීක්ෂණයක් සිදු කරන අතර තුරය.

තවත් අතෙකින් බංකොලොත් වී ඇති ලංකාවට, ඉන් ගොඩ ඒමට ජාත්‍යන්තර සහාය අත්‍යවශ්‍ය වී ඇත.නමුත් ලංකාවේ පාලකයන් ශිෂ්ඨසම්පන්න වන තාක් ජාත්‍යන්තරය උදව් කරන්නේ නැත. කුරුණෑගල සිදුවීම සම්බන්ධව හමුදාව ක්‍රියා කළ ආකාරය භයානකය. ඔවුන් එක් වරදක් වසා ගැනීමට වැරදි ගණනාවක් සිදු කොට ඇත.

1. ලුතිනල් කර්නල් කුමාරසිංහ විසින් සිවින් වැසියෙකුට පහරදීම
2. අදාල පහරදීම සමාජ ජාල වෙත අප්ලෝඩ් කළ ශසික හේරත්ට හමුදා නිලධාරීන් තර්ජනය කිරීම
3.පහරදෙන සිදුවීම විවේචනය කළ සමාජ ජාල ක්‍රියා කාරීන් මර්ධනය කිරීම

මේවන විට ලංකාවේ ප්‍රකට සමාජ ජාලා ක්‍රියාරිණියක් වන තුෂාරා වන්නිආරච්චි ඇතුලු පිරිසකගේ සමාජ ජලා ගිණුම් තාවකාලිකව අත්හි‍ටුවා ඇත. ඇය Colombo Now වෙබ් අඩවියේ විමර්ෂණ ප්‍රධානියා ලෙසද කටයුතු කරයි. ඇයගේ මුහුණුපොතේ ගිණුම තාවකාලිකව අත්හි‍ටුවීමට හේතුව හමුදා නිළධාරියා සිදුකළ අනීතික පහරදීම විවේචනය කිරීමය.

විශේෂ වාර්තාකරුවෙකු විසිනි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න