Language Switcher

V2025

ජනාධිපති රටින් ගියාට : ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් නෑ !

ජනපති තම ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් කථානායකවරයාට හෝ ජනාධිපති ලේකම්වරයාට යොමුකර නොමැති බව වාර්තා වෙයි .

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8 ට තම අවසන් ගමනාන්තයට පැමිණි පසු එය එවන බව ඔහු කථානායකවරයාට දන්වා ඇති බවත් දැනගන්නට ඇත .

ඒ අනුව ජනාධිපතිවරයාට නිරුපද්‍රිතව පිටව යාමට ඉඩ සැලසීම සඳහා වෘත්තීය සමිති ඉවත් කිරීමට කථානායක පක්ෂ නායකයන් සමඟ කතා කර ඔවුන්ගේ එකඟතාව ලබාගත් බවත් වාර්තා වෙයි .

මේ වන විට තොරතුරු අනුව ගෝඨාභය රාජපක්ෂ මාලදිවයින තුළ එරට රජයේ ආරක්ෂාව යටතේ පසුවෙයි .