Language Switcher

V2025

ජනාධිපති බලතල අගමැතිට !

ජනාධිපති ගෝධාභය රාජපක්ෂ දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධූරයේ වැඩ බැලීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ පත් කළ බව ජනාධිපතිවරයා දැනුම දී ඇතැයි කතානායක මහින්දයාපා අබේවර්ධන පවසයි .

ඔහු අද (13) විශේෂ ප්‍රකාශයක් කරමින් මෙසේ පැවසීය.

මේ අතර කලහකාරී ලෙස හැසිරෙන් පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝගකර ඇති බවත් වාර්තා වෙයි .

කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහනද අත්අඩංංගුවට ගන්න‌ා ලෙස එම නියෝගයේ සඳහන් බවත් දැනගන්නට ඇත .

බැසිල් පනියි !

තවද හිටපු බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කර සිටියි .

බැසිල් රාජපක්ෂ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පියාසර කරනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළ බවත් බී.බී.සී පුවත් සේවය පවසයි .

මේ සමඟ ශ්‍රී ලංකාවේ දශක ගණනාවක රාජපක්ෂවරුන්ගේ පාලනය අවසන් වන බවත් එහි සඳහන් ය.