ලබන සතියේ කැබිනට් සංශෝධනයක් : ආණ්ඩුව මට්ටු කරන්න ගිය ඇමතිලාට තට්ටු !

ලබන සතියේ කැබිනට් සංශෝධනයක් : ආණ්ඩුව මට්ටු කරන්න ගිය ඇමතිලාට තට්ටු !

විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීමෙන් අනතුරුව කැබිනට් සංශෝධනයක් සිදුකරන්න නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට සිකුරාදා දිනයේ මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටත් එළැඹෙන සඳුදා වන විට නව කැබිනට් මණ්ඩලය පත්කිරීමටත් නියමිතව ඇත.

ආණ්ඩුව මට්ටු කරන්න ගිය ඇමතිලාට තට්ටු !

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩුවට සහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ජන්දය ලබාදෙන කිසිඳු අමාත්‍යවරයෙකුට නැවත අමාත්‍යධුර ලබානොදී සිටීමට තීරණයක් ගෙන තිබෙන බවත් ඒ බව මේ වන විටත් ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම්දී ඇත.

එසේම අදාළ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දෙන පිරිස පමණක් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීන්දුවී ඇති අතර අග්‍රාමාත්‍යවරයා විවේචනය කිරීම හෝ විශ්වාසභංග යෝජනාවේ ජන්දය විමසීමේ අවස්ථාවේ ජන්දය ලබානොදී සිටින කිසිඳු අමාත්‍යවරයෙකුට තීන්දුව බලනොපාන බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

මේ අතර අද (04) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කර සිටියේද එළඹෙන සඳුදා කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට අපේක්ෂාවක් ඇති බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න