මොන ප්‍රශ්න තිබුණත් ආණ්ඩුව ආරක්ෂා කරනවා : වසන්ත - රංගේ මාධ්‍ය හමුවක

මොන ප්‍රශ්න තිබුණත් ආණ්ඩුව ආරක්ෂා කරනවා : වසන්ත - රංගේ මාධ්‍ය හමුවක

රාජ්‍ය අමාත්‍යවරුන් වන පාලිත රංගේ බණ්ඩාර සහ වසන්ත සේනානායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කිරීමට තීරණය කර තිබේ.

කොළඹදී අද (04) පැවැත්වුණු මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එජාප ය තුළ අග්‍රාමාත්‍යවරයාට සහය නොදක්වා සිටීමට තීරණය කර සිටි තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 28 දෙනාම අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බවද පැවසීය.

පක්ෂයේ උන්නතිය වෙනුවෙන් තමන් මෙම තීරණය ගනුලැබූ බවත් ඒ හැරෙන්න වෙනත් කිසිඳු තනතුරු අපේක්ෂාවක් හෝ වරප්‍රසාදයක් මත තීරණය පිටුපස නොමැති බවද ඔහු පැවසීය.

පක්ෂයේ බහුතරයකගේ ඉල්ලීමත් ආණ්ඩුව සහ පක්ෂය, විපක්ෂය හමුවේ තර්ජනයට ලක්වීමට ඉඩනොදිය යුතු බවට තම ස්ථාවරය වී ඇති නිසා තම පාර්ශවය මෙම තීන්දුව ගැනීමට මුල්වූ බවද අමාත්‍යවරයා පැවසීය.

පක්ෂ ප්‍රතිසංවිධාන සටන අත්හැර නෑ

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සඳහන් කර සිටියේ අප්‍රේල් 7,8 සිට ආරම්භ කරන පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු නියම ලෙස සිදුකරන බවට පක්ෂය සහතිකවී ඇති බවත් මේ මොහොතේ ඒ පිළිබඳ විශ්වාසය තබා තම තීන්දුව ගනුලැබූ බවය.

එසේම මීට පෙර සඳහන් කළ පරිදි මිතුරු පිරිසක අණසකට ලක්ව තිබෙන පක්ෂය ජනතාවගේ පක්ෂයක් බවට පත්කර ගැනීමේ සටනේ තමන් සිටින බවත් හොඳින් හෝ නරකින් පක්ෂය නියම මඟට ගැනීමේ අපේක්ෂාව මේ තීරණය මත වෙනස් නොවන බවද ඔහු පැවසීය.

තමන් මෙතෙක් ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වුවත් කැබිනට් මණ්ඩලයට යමක් දැනුම්දීමට ආසනයේ පාක්ෂිකයෙකුට කිසියම් උපකාරයක් කිරීමට නොහැකි පසුබිමක් පැවති බවත් එම දුෂ්කරතා මැඩගෙන මෙතෙක් පක්ෂයේ සිටියේ කවදා හෝ පක්ෂය නිසිමගට ගැනීමේ අපේක්ෂාවෙන් යුතුව බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න