"රන්ජන් රාමනායක පාවිච්චි කරන්නේ මගේ වාසගම. එයා රාමනායක කෑල්ල ගත්තෙ මගෙන්. රන්ජන්ව හැමෝම දන්නවා වුණාට මාව නම් වැඩි දෙනෙක් අඳුරන්නේ නැහැ.''
එලෙස හඬ අවදි කළේ සිනමා අධ්‍යක්ෂ සෝමරත්න රාමනායක යි.
අද රටම දන්නා රන්ජන් රාමනායක කියන නමට පසුපස තියෙන කතාව බොහෝ දෙනා දන්නේ නැහැ.
ඒ නමට "රාමනායක" කියන වාසගම එකතු කළේ… ඔහුයි.
''මගෙ 'ජය කොතැනද' චිත්‍රපටයට මුලින්ම ප්‍රධාන චරිතයට තෝරාගෙන තිබුණේ ජනප්‍රිය නළු විජය කුමාරතුංග. තිර පිටපතත් ඔහු අතට දීලා තිබුණා; ඔහු කැමති වුණා. නමුත් කාර්යබහුලකම නිසා විජය කියලා තිබුණා 'මාව ඔය චිත්‍රපටියට අරගත්තොත් ඔයාට අමාරුවේ වැටෙන්න වෙන්නේ,' කියලා"
ඒ වචනත් සමඟ සෝමරත්න රාමනායක මහතා සරසවිය පත්තරයට දැන්වීමක් දැම්මා "චිත්‍රපටයකට ප්‍රධාන චරිතය රඟපාන්න කෙනෙක් අවශ්‍යයි" කියලා. එදා interview එකට ආවා තරුණයෙක්. නම ටිකක් දිගයි.
''මම ඔහුව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට තෝරගත්තා. ඒ තරුණයාගේ නමේ 'රන්ජන්' කියන කොටසත්, මගේ වාසගම වන 'රාමනායක' කියන කොටසත් එකතු කරලා, සිනමාවට ගැළපෙන අලුත් නමක් ඔහුට දුන්නා. 'රන්ජන් රාමනායක' RR කියලා කෙටියෙන් කියන්නත් ලස්සනයි, මතක තියාගන්නත් පහසුයි.''
ඒ නම එදා සිට අද දක්වාම ජනතාවගේ හදවතේ.
අද… රටම රන්ජන් රාමනායකව හඳුනනවා. ඒත්, ඒ නම ඔහුට දුන්න සෝමරත්න රාමනායකව හඳුනන්නේ කී දෙනාද? ඒ ගැන ඔහුට කණගාටුවක් නැහැ.
"ඒක ලෝක ස්වභාවයනේ… මම ඒකට කණගාටු වෙන්නේ නැහැ. රන්ජන් අද ඉන්න තැන ගැන මට හුඟාක් සතුටුයි. මේ දවස්වල ගඩාෆි කියලා ඔහුගේ අලුත්ම චිත්‍රපටයත් ප්‍රදර්ශනය වෙනවා දැක්කා."
අද සෝමරත්න ජීවත් වෙන්නේ පුංචි ව්‍යාපාරයක් කරගෙන, නිහඬව. නමුත් ශ්‍රී ලාංකීය සිනමාවට අමතක කළ නොහැකි මතකයක් තබාගෙන. ඔහු අධ්‍යක්ෂණය කළ "සුමිතුරු නළුවා" චිත්‍රපටයත් ප්‍රදර්ශනය වීමේ අවස්ථාවක් නොලැබී කාලයත් එක්ක සැඟව ගියා. කෙනකුගේ ජීවිතය වෙනස් කරන නමක් දෙන්න පුළුවන්. කෙනකුගේ ගමනක් ආරම්භ කරලා දෙන්න පුළුවන්. ඒත්, ඒ කතාව කියන මිනිසා සමහරවිට ඉතිහාසයේ අග කොණක නිහඬව ඉන්නවා.
මේ ඒ තවත් නිහඬ මිනිසෙකුව මතක් කිරීමකි.
සෝමරත්න රාමනායක
රන්ජන් රාමනායක නමින් රටක් දන්න නළුවෙකුට, ඒ නම දුන් මිනිසා. මේ සෝමරත්න රාමනායක ගේ දුරකතන අංකය යි 0716437534.
සටහන - Prasad Samarathunga
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
