සිද්ධවෙන දේවල් අප්‍රසන්නයි : ඇමති නිමල් සිරිපාල දේශපාලනයෙන් සමුගනියි ?

සිද්ධවෙන දේවල් අප්‍රසන්නයි : ඇමති නිමල් සිරිපාල දේශපාලනයෙන් සමුගනියි ?

දැඩි සිත්තැවුලක් හේතුවෙන් තමන් දේශපාලන කටයුතු වලින් සමුගන්නා බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට දන්වා ඇතිබව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පසුගිය සමය තුළ පක්ෂය තුළ සිදුවූ දේවල් දෙස බැලීමේදී දැඩි පිළිකුලක් ඇතිවෙන බවත් තමන් සම්බන්ධව සැළකීමේදී දිගින් දිගටම පක්ෂය තුළ ඉතා නරක ආකාරයට පාවිච්චිවුවා මිස පෞරුෂයක් ඇතිව දේශපාලනය කළ හැකි තත්ත්වයක් උදාකරදී නොමැති බවත් අමාත්‍යවරයා සිදුකර තිබෙන දැනුම්දීමේ සඳහන් වෙයි.

එසේම අද (04) පැවැත්වෙන විශ්වාසභංග යෝජනා විවාදයේ ජන්ද විමසීමටවත් සහභාගීවීමට තමන්ට සිතක් නොමැති බවත් පක්ෂයක් ලෙස එකට සිටගත නොහැකි කෙළින් තීන්දුවක් ගත නොහැකි සහ සහෝදර මැති ඇමතිවරුන් පිළිබඳ කිසිම තැකීමක් නොමැති පාවාදීම් සහ පාවිච්චියට පමණක් සීමාවූ අය මැද තවත් මොහොතක් සිටීමත් අප්‍රසන්න බවද අමාත්‍යවරයා සඳහන් කර ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න