''ලේක් හවුස්’’ ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයක් සඳහා ආයෝජකයකුට විකිණීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ලේක් හවුස් ආයතනයේ සේවක වැටුප් ගෙවීමේ ගැටලුව සහ ණය ගෙවීමේ ගැටලුව විසඳීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සැලසුම් කර ඇත.
ලබා ගන්නා මුදලින් කොළඹ නගරයේ වෙනත් ස්ථානයක ලේක්හවුස් ආයතනය ආරම්භ කිරීමට හෝ ආයතනය ඈවර කිරීමටද යෝජනා වී තිබේ.
පැරණි ගොඩනැගිලි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට රුකුලක් බැවින් මෙහි හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම අරමුණ වී ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
ලේක් හවුස් ආයතනය පිහිටි ඉඩම අනූනව අවුරුදු බදු යටතේ ලබා දී ඇති අතර එම බදු කාලයද ලබන වසරේදී අවසන් වීමට නියමිතය. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සීයා වන ඩී.ආර්. විජයවර්ධන ලේක් හවුස් ආයතනයේ නිර්මාතෘවරයාය.
- Aruna
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
