GL ට මහින්ද අනුකම්පා කරයි !

GL ට මහින්ද අනුකම්පා කරයි !

ජනාධිපති රනිලුයි - පොහොට්ටුවේ සමහරු අතරෙයි ඔය පොඩි පොඩි හැල හැප්පිලි තිබුනට මොකද , පොහොට්ටුවට දැන් ලොකුම වාතේ වෙලා තියන්නේ ඩලස්ගේ නිදහස කියල තමයි පේන්න තියන්නේ..

ඕන දැන් තවත් ප්‍රශ්නයක්....

ජී එල් ගෙ පොහොට්ටු සභාපති කමට මොකක් වෙයිද ?

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ජන්දෙදි , GL හිටියේ පොහොට්ටුවේ පොදු මතයට එරෙහි විකල්ප කණ්ඩායමේ...

හැබැයි අභ්‍යන්තර ආරංචි අනුව නම් GL ටික කාලෙක ඉදල යම් මට්ටමක විකල්ප මතයක තමයි ඉදල තියෙන්නෙ .

GL දැන් ඩලස්ලත් එක්ක දිගින් දිගටම පොහොට්ටුවට විරුද්ධව ප්‍රසිද්ධියේ දේශපාලනය කරනව.

ඒත් තාම පොහොට්ටුවේ සභාපති කමෙන් GL ව අයින් කලේ නෑ.

ඇයි එහෙම වෙන්නෙ..

එක හේතුවක් තමයි ලු මහින්ද රාජපක්ෂ මහත්තයගෙ අනුකම්පාව.

මහින්ද හිටපු ජනාධිපති තුමා , පොහොට්ටුවේ ලොක්කන්ට කියල තියෙන්නෙ, GL අයින් වෙනවනම් අයින් වෙන්න දෙන්න. ඒත් අයින් කරන්න යන්න එපා කියලා.

''ඒක දේශපාලන අදහසක් නෙවෙයි මනුස්සකමට අදාල අදහසක්.'' පහුගිය සති අන්තේ ඔය ප්‍රතිසංවිධාන රැස්වීමක දී එහෙම කියල තිබුනේ සංජීව එදිරිමාන්න මන්ත්‍රී තුමා.

''මොකද එක දවසක් හරි තමන් එක්ක හිටපු කෙනෙක්, මහින්ද ඉක්මනින් අතාරින්නෙ නෑ. ඒ තමයි මහින්ද රාජපක්ෂ'' සංජීව එහෙමත් කියල තියනවා.

ඒත් මේ ප්‍රශ්නය තවත් උඩු දුවන්න ඉඩ දෙන්නත් බෑ කියල තමයි, පොහොට්ටුවේ වැඩි පිරිසක් කියනවයි කියන්නෙ.

විශේෂයෙන්ම පහුගිය සතියේ, දිස්ත්‍රික් මට්ටමින් , ආසන මට්ටමින් තිබ්බ හැම රැස්වීමකදිම, පොහොට්ටුවේ ප්‍රාදේශීය නියෝජිතයන් ඇහුව ලු, කවද්ද අලුත් සභාපති කෙනෙක් පත් කරන්නෙ කියල...

කොහොමහරි අලුත්ම ආරංචියෙ හැටියට GL පීරිස් ගැන ප්‍රශ්නය සාකච්ඡා කරන්න, පක්ෂයේ විනය කමිටුව තීරණයක් අරන්ලු.

- දේශපාලන වාර්තාකරු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න